යුරෝපයේ, එක්සත් රාජධානියේ, ඇමරිකාවේ සහ ඉන්දියාවේ ධාවකයන් සමඟින් රේස් ද පර්ල් -24 පැය පාපැදි ධාවන තරඟය යළිත්  (Race The Pearl – 24 hr Bicycle Race) 

Tour De France තරඟයේ අදියර ජයග‍්‍රාහකයාල RAAM තරඟය නිමකළ පාපැදිකරු ඇතුළත් 24 පැය පාපැදි ධාවන තරඟයෙන් ක‍්‍රීඩා සංචාරක අවස්ථා සහ සන්නාම අලෙවි වේදිකාව ප‍්‍රවර්ධනය කෙරෙයි

එක්සත් රාජධානියේ , ඇමරිකාවේ,   ඕස්ටේ‍්‍රලියාවේ, ජර්මනියේ,  ප‍්‍රංශයේ,  නෙදර්ලන්තයේ, බෙල්ජියමේ ,  ඉන්දියාවේ  සහ ශ‍්‍ර‍්‍රී ලංකාවේ පාපාදි ධාවන තරඟකරුවන්ගේ සහභාගිත්වයෙන් 24 පැය අන්තර්ජාතික පාපැදි ධාවන තරඟය Race The Pearl යළි පැවැත්වෙයි. 6 වැනි වතාවට පැවැත්වෙන මෙම තරඟයේදී පාපැදි ධාවකයන් සමඟ Tour De France අදියර ජයග‍්‍රාහක සහ 2013 අදියර 2 සහ 3 යෙලෝ ජර්සි ජයග‍්‍රාහක බෙල්ජියමේ Jan Bakelants සහ UCI Pro Race ජයග‍්‍රාහක නෙදර්ලන්තයේ Piotr Havik සහ Race Across America (RAAM) තරඟයේදී තරඟය නිමකළ ප‍්‍රථම ඉන්දියානුවා වන ශ‍්‍රීනිවාස් ගෝකුලනාදන් සහභාගිවනු ඇත. ඉන්දියාවෙන් සහ ශ‍්‍රී ලංකාවෙන් කාන්තාවන්්ද තරඟ වැඳීමට නියමිතය.

ගෝලීය වශයෙන් කීර්තිමත් ඇමරිකාවේ කිලෝ මීටර් 4800 ක අති-දීර්ඝ Race Across America පාපැදි ධාවන  තරඟය සඳහා නිල වශයෙන් සුදුසුකම් ලබන්නෙකු වන Race The Pearl තරඟය ශ‍්‍රී ලංකාවේ උතුරේ පේදුරුතුඩුවේ සිට දකුණේ දෙවුන්දර තුඩුව දක්වා පැවැත්වෙන අතර ඊට තරඟකරුවන් 65 දෙනෙකු පමණ සහභාගිවනු ඇත. ශ‍්‍රී ලංකාවේ කිලෝමීටර්  600 ක් පමණ දීර්ඝ මෙම තරඟයේ ගමන් මාර්ගයට නගර සහ සුළු නගර 100 ක් පමණ සම්බන්ධ ය. මගදෙපසෙහිදී  ලක්ෂයක පමණ පේ්‍්‍රක්ෂක පිරිසක් එය නරඹනු ඇතැයි විශ්වාස කෙරේ. මෙය සුදුසුකම් ලබන්නෙකු වශයෙන් නම්කිරීමට Race Across America සංවිධාකයන් විසින් තෝරා ගෙන ඇති එක් ප‍්‍රධාන හයි-ඔක්ටේන් අති-දීර්ඝ මාර්ග පාපැදි තරඟයකි. මෙම තරඟය ඔක්තෝබර් 28 දා අලූයම පේදුරුතුඩුවෙන් ආරම්භ වන අතර අවසන් වන්නේ පැය 24 කට පසුව 29 දා දික්වැල්ලෙනි.

මාධ්‍ය හමුවකදී කතා කළ, තරඟ අධ්‍යක්ෂ සහ  Race The Pearl තරඟ සංවිධායක යසස් හේවගේ මහතා Race Across America තරඟයට සුදුසුකම් ලබා ගැනීම පිණිස 24 දෙනෙකු අඛණ්ඩව පාපැදි ධාවනයේ යෙදෙන බව පැවසීය.”තවත් පිරිසක් කණ්ඩායම් වශයෙන් හෝ වෙන් වෙන්ව අදියර පහේදී ධාවනයේ යෙදෙමින් කඩින් කඩ සහභාගි වනු ඇත.’’

නිියමිත පැය 24 තුළ තරඟය නිමකරන අයට කීර්තිමක් පර්ල් ජර්සිය පිරිනමන අතර එය ශ‍්‍රි ලංකාවේ වනජීවීන් කෙරෙහි සිත් ඇදගන්නා සුවිශේෂි මෝස්තරයක් විදහා දක්වයි. ධාවකයන් ඔවුන් ගමන්කරන ග‍්‍රාමීය හා නාගරික ප‍්‍රදේශවලදී ව්‍යාපාර හිමිකරුවන් ගේ සිත්ඇදගැනීමෙන් සහ මෙම හමුවෙන් ඔවුන්ගේ කුසලතා දියුණුකරමින්  ක්ෂුද්‍ර ,කුඩා සහ  මධ්‍යම පරිමාණ  ආයතන සමඟ ග‍්‍රාමීය වයාපාර ආර්ථිකවලට අගයක් එක්කරනු ඇත.

රේස් ද පර්ල් තරඟය ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා සංචාරක කටයුතු ප‍්‍රවර්ධනයට උත්කෘෂ්ට සන්නාම අලෙවි වේදිකාවක් වන බව හේවගේ මහතා අවධාරණය කළේය.”මෙම තරඟය කිසිම බාධාවකින් තොරව අඛණ්ඩව ගතවූ තුන්වසර තුළ පැවැත්වූවා; එය සංචරණයට වඩාත් අභියෝගාත්මක වූ යුගයක්. හැම අවස්ථාවකදීම ලෝකයේ නොයෙකුත් රටවලින් පාපැදි තරඟ කරුවන්  ගෙන්වා ගැනීමට සමත්වූ මෙම ඉසව්ව Race Across America තරඟයට සුදුසුකම් ලැබාගැනීමේ තරඟයක්වීමද ශ‍්‍රී ලංකාවේ සංචාරක  ප‍්‍රවර්ධනය පිණිිස ඉතා යෝග්‍ය වේදිකාවන්ය.”

Spinner Cycling සංවිධානය කරන මෙම තරඟයට රන් අනුග‍්‍රාහකයා ලෙස ජෙට්වින් හෝටල් සමාගම හවුල්වෙයි. රයිඩර් ජර්සිය නිර්මාණය කර ඇත්තේ  මාස් හෝල්ඩින්ස් සමාගම් සමූහය විසිනි. තරඟය නිමාකිරීමේ රේඛා හවුල්කරුවන්නේ දික්වැල්ල හෝටලය හා බ‍්‍රවුන්ස් හෝටල් සමූහයයි. ඉන්දියාවේ Sol Fitness Resorts දෙරට සම්බන්ධ කරයි. ශ‍්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් ප‍්‍රවර්ධනය කිරීමට සහ ශ‍්‍රී ලංකාවේ ළමයින්ට ආධාර කිරීමට Liv Foundation  හවුල්කරුවකු ලෙස එක්වෙයි. මාධ්‍ය අනුග‍්‍රහය Daily FT, Pulse සහ YES FM ආයතනවලිනි.

මාධ්‍ය හමුවෙන් පසුව ක‍්‍රීඩා සංචාරක කතිකාවක් පැවති අතර එය මෙහෙයවන ලද්දේ Daily FT ප‍්‍රධාන සංස්කාරක නිස්තාර් කාසිම් මහතා විසිනි. එහිදී ප‍්‍රධාන විදේශ විනිමය ඉපැයුම් මූලාශ‍්‍රයක් ලෙස හා දේශීය ව්‍යාපාර දියුණුවට දායකවන අංශයක් ලෙස ක‍්‍රීඩා සංචාරක කටයුතු ප‍්‍රවර්ධනය කිරීමේ හැකියාව  සාකච්ඡුා කරන ලදී. සාකච්ඡුා මණ්ඩලයට එක්ව සිටි රේස් ද පර්ල් සංවිධායක යසස් හේවගේ, ඇසෝට් ක‍්‍රියේටිව් ආයතනයෙහි (Assort Creative) ෂෙනෙල්ලා රොඞ්රිගෝ සහ ෂෙහාන් තාහීර්, යෙටි අයිසොටොනික් (Yeti Isotonic) ආයතනයෙහි නිෂේලි පෙරේරා සහ ජෙටිවින් හෝටල් සමාගමේ දිමිත‍්‍රි කුරේ යන මහත්ම මහත්මීන්ගේ ද මතය වූයේ ශ‍්‍රී ලංකාවට ලෝක සංචාරක සිතියමේ ක‍්‍රීඩා සංචරණ කේන්ද්‍රයක් ලෙස දියුණුවීමට සක්‍යතාව ඇති බවයි.

Race The Pearl can be followed on www.racethepearl.com on Facebook and Instagram.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *