Timed Out ලෙස දැවී ඇන්ජලෝ මැතිව්ස් එක්දින ක්‍රිකට් ලෝක වාර්තාවකට හිමිකම් ලබයි.

ක්‍රිකට් නීති රිතී අනුව වෙලාවට පන්දුවට පහරදීමට කටයුතු නොකිරීමේ වරදට ඇන්ජලෝ මැතිව්ස් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට Timed Out ලෙස දැවී යයි. ඒ අනුව Timed out ලෙස දැවී ගිය ලොව පළමු ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිව්ස් පත්වෙමින් එක්දින ක්‍රිකට් ලෝක වාර්තා අතර සදහන් කෙරුනි.

ඇන්ජලෝ මැතිව්ස් පළමු පන්දුවට පහරදීමට සැරසෙන අවස්ථාවේ හිස් වැසුමේ ඇතිවී තිබූ දෝෂයක් හේතුවෙන් පළමු පන්දුවට මුහුණ දීමට පෙර ඔහු හිස් වැසුම මාරු කිරීමට යාමේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදීමට ඔහුට සිදුවුණා.

විනාඩි දෙකක කාලයක් ඉක්ම ගිය බවට බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් කළ ඉල්ලීමකට අනුව විනිසුරු විසින් එහිදී මැතිවුස් දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස සංඥා කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *