22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

තවත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 6ක් රේගූ භාරයට.. 

පසු ගිය මාස තුනට මත්ද්‍රව්‍ය කිලෝ 50ක් සොයා ගැනේ..
අයවැය පරාජය වුව හොත් රට ම අරගල බිමක් වේවි..
අයවැය හිඟයේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කරන්නන්ට ඇමැති සියඹලාපිටියගෙන් පිළිතුරක්..

ගෙවී ගිය මාස තුනක කාලය තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රේගු භාරයට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ඒ අතර කුෂ් සහ හශීස් යන මත්ද්‍රව්‍ය වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කැනඩාවේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබී පසුගිය දා සොයා ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නිරීක්ෂණය කිරීම සඳහා අද (16) ඔරුගොඩවත්ත රේගු අංගනය වෙත ගියා අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය. පසුගිය මස 25 වැනිදා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මෙම බහාලුම පිළිබඳ ඇති වූ සැකය මත රේගුවේ ආදායම් අධීක්ෂණ බලකාය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය සමග සිදු කළ පරීක්ෂාවේ දී එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 6ක් සොයා ගැණින. එම තොගයේ වටිනාකම රුපියල් මිලියන 60ක් පමණ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඉතාලියේ සිට ගෙන් වූ බහාලුමක තිබී හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 35ක් සහ අමෙරිකාවේ සිට ආනයනය කරන ලද බහාලුමක තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10.5ක් මීට පෙර සොය ගැනුණි.

මේ අතර නිරීක්ෂණ චාරිකාවට එක් වූ අවස්ථාවේ මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට ද අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නේ ය. එහි දී සියඹලාපිටිය මහතා කියා සිටියේ අයවැය පරාජයට පත් වීම යළි රට ආපස්සට හැරවීමක් බවයි. එවන්නක් සිදු කිරීමට පාර්ලිමේන්තුව තුළ සිටින කිසිදු මන්ත්‍රීවරයකුට අවශ්‍යව ඇතැයි තමා නොසිතන බව කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එම පරාජය රටම යළි අරගල බිමක් බවට පත් කිරීමට හේතුවක් වනු ඇති බවයි.

අයවැය හිඟයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ මතු වූ විවාදය පිළිබඳ ව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින් එය 5%ක මට්ටමක පවත්වාගෙන යා යුතු බව දන්වා ඇති බවයි. එහෙත් ගෙවී ගිය වසර 20 තුළ පැවැති කිසිදු රජයක් එම වගන්තියට අනුව කටයුතු කිරීමට අපොහොසත් වී ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික අර්බුදය උග්‍රව පවතින මෙවැනි තත්ත්වයක් තුළ අයවැය හිඟයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කිරීම ම ගැටලුවක් බවයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz