පැරැණි මිලට ගෙනා සීනි මෙට්‍රික් ටොන් 19,000ක් තවමත් රට තුළ.. 19,000 metric tons of old sugar is still in the country.

සීනි හිගයක් හෝ අනවශ්‍ය මිල ඉහළයාමක් සිදු වීම වලක්වා ගැනීමට රජය උපරිම කැපවෙනවා.

බදු ඉහළ නැංවීමට පෙර ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් 19,000ක් තවමත් රට තුළ පවතින බවත් එබැවින් සීනි හිගයක් හෝ අනවශ්‍ය මිල ඉහළ යාමක් සිදු වීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය මගින් පාලන මිලට වැඩියෙන් සීනි අලෙවි කරන ස්ථාන සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. නියමිත මිලට සීනි මිල දී ගැනීම සහ අනවශ්‍ය සීනි හිගයක් නිර්මාණය වීම වැලැක්වීම රජයේ පමණක් නොව ජනතාවගේ ද වගකීම බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ එවැනි අවස්ථා පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය දැනුම්වත් කිරීම කළ යුතු බවයි. දැරණියගල ඉළුක්තැන්න ප්‍රදේශයේ පැවැති උත්සවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *