22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

උදුවප් පොහොය සමග ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වේ.

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උදුවප් පුර පසළොස්වක පොහොය අදට (26) යෙදී තිබේ. සංඝමිත්තා මහා රහත් තෙරණිය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කළේ, අද වැනි පොහෝ දිනකයි. ශ්‍රී පාද වන්දනා සමයත් අදින් ආරම්භ වේ.

ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඩුල්ල රජමහා විහාරය හා රත්නපුර පොත්ගුල් රජමහා විහාරය යන උභය විහාරාධිපති, ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අවවාද අනුශාසනා අනුව මෙවරත් ශ්‍රී පලාබද්දල මාර්ගය, හැටන් – නල්ලතන්නි මාර්ගය, බළංගොඩ මාර්ගය සහ කුරුවිට – එරත්න මර්ගය යන මාර්ග හතර (04) ඔස්සේම ඓතිහාසික පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරයේ සිට සිරිපා මළුව වෙත, සධාතුක කරඩුව හා සමන් දේව ප්‍රතිමා වහන්සේ  ඊයේ(25) උදෑසන වැඩම කෙරිණි.මෙලෙස වැඩම කළ සධාතුක කරඩුව හා සමන් දේව ප්‍රතිමා වහන්සේ අද (26) උදෑසන සිරිපා මළුවේ තැන්පත් කිරීමට නියමිතය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz