සොෆ්ට්ලොජික් ලයිෆ් 2023CA TAGS සම්මාන උළෙලේදී ඉහළම සම්මාන ලබමින් අඛන්ඩව තෙවැනි වරටත් විශිෂ්ටයින් අතරට එක් වෙයි

ආයතනික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය (Overall Excellence In Corporate Reporting) සඳහා රිදී සම්මානය ද ඇතුළුව සම්මාන හතරක් දිනා ගනී

විනිවිදභාවය (Transparency), වගවීම (Accountability), පාලනය (Governance) සහ තිරසාරභාවය (Sustainability) සඳහා වන සිය කැපවීම යළිත් සනාථ කරමින් ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 58 වන CA TAGS සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන රැසක් හිමි කරගැනීමට සමත් විය. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ශක්තිමත්ම සමාගමක් ලෙස සිය ප‍්‍රවීණත්වය මනාව පෙන්නුම් කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් ප‍්‍රධාන සම්මාන හතරක් ද තමන් සතු කර ගනිමින් මෙම සම්මාන උළෙලේදී සිය විශිෂ්ටත්වය පෙන්නුම් කළේය. ශ‍්‍රී ලංකාවේ මූල්‍ය වාර්තාකරණයේ නව මිණුම් සලකුණු සනිටුහන් කරමින් විනිවිදභාවය සහ පාලනය සඳහා වන සමාගමේ අද්විතීය කැපවීම මෙම සම්මානවලින් මනාව පිළිබිඹු කරයි.

සොෆ්ට්ලොජික් ලයිෆ් මෙම ජයග‍්‍රහණ අත්කර ගනු ලබන්නේ වෙනස්වන වෙළඳපොල තත්වයන් සහ දැඩි ආර්ථික අභියෝග සහිත කාල පරිච්ෙඡ්දයක වීම විශේෂත්වයකි. එවැනි වාතාවරණයක් තුළ විශිෂ්ට සම්මාන ලබා ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සතු හැකියාව සමාගමේ මූල්‍ය ශක්තියල ශක්තිමත් ව්‍යාපාරික කාර්යසාධනය මෙන්ම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ සහ මෙරට ආයතනික ක්ෂේත‍්‍රයේ වැදගත් ඉහළ පෙළේ සමාගමක් ලෙස සමාගමේ ස්ථානය මනාව පෙන්නුම් කරයි. 2023 2023 CA TAGS සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වීම මගින් සනාථ වන්නේ අභියෝගාත්මක වෙළඳපල තත්වයන්වලදී පවා විශිෂ්ට මූල්‍ය වාර්තාකරණ ප‍්‍රමිතීන් සඳහා සමාගමේ ඇති කැපවීමයි.

මෙහිදී සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් අඛණ්ඩව තුන්වන වසරටත් වාර්ෂික මූල්‍ය වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය වෙනුවෙන් රිදී සම්මානය දිනා ගනු ලැබුවේ ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ වෙනත් දැවැන්ත සමාගම් කිහිපයක් අභිබවා යමිනි. ‘Reimagining’ තේමාව රැගත් සිය 2022 වාර්ෂික වාර්තාව මෙනිසා සුවිශේෂී වාර්තාකරණ භාවිතයන් සඳහා පිළිගත් කීර්තිමත් සමාගම් අතර සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම ද ප‍්‍රමුඛ ස්ථානයක් දිනා ගනී. තවද මෙයින් තවත් තහවුරු කරනු ලැබුවේ ඒකාබද්ධ වාර්තාකරණය සඳහා විශිෂ්ටත්වයට පත් ආයතනයන් අතර අති විශිෂ්ටයකු ලෙස පූර්ණ විනිවිදභාවයකින් කටයුතු කිරීම හා සෑම කොටස්කරුවකු වෙනුවෙන්ම උපරිම වටිනාකමක් නිර්මාණය කිරීම වෙනුවෙන් වන ඔවුන්ගේ නොසැලෙන කැපවීමයි.

එපමණක් නොව පරිශීලකයින්ට සමාගමේ වාර්ෂික වාර්තා තුළින් ඔවුන්ට අවශ්‍ය අනු වාර්තා (sub-reports)  නිර්මාණය කළ හැකිල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට හඳුන්වා දුන් ‘Generate Your Own Report’ නව්‍ය ඩිජිටල් විසඳුම දල අඛණ්ඩව වසර හයක් වාර්ෂික වාර්තාවක් ප‍්‍රථම වරට වීඩියෝ ආකෘතියක් හරහා නිකුත් කිරීම සහ තවත් බොහෝ ඩිජිටල් නවෝත්පාදනයන් හරහා පාර්ශවකරුවන්ට අවශ්‍ය තොරතුරු වේගවත්වල නිරවද්‍ය හා විනිවිදභාවයෙන් යුතුව ලබා දීමට කටයුතු කිරීම ද සොෆ්ට්ලොජික් ලයිෆ් හි විශිෂ්ටත්වය සඳහා වන කැපවීම පෙන්නුම් කරන සාධක කිහිපයකි. සමාගම සිය සම්මාන ගොන්න තවත් සුවිසල් සම්මානයකින් හැඩ කරනු ලැබුවේ රක්ෂණ කාණ්ඩයේ රන් සම්මානය ද දිනා ගනිමිනි. මීට අමතරව ඒකාබද්ධ වාර්තාකරණය (Integrated Reporting) සඳහා රිදී සම්මානය සහ ආයතනික පාලනය එළිදැක්වීම (Corporate Governance Disclosure) යන කාණ්ඩය සඳහා ලෝකඩ සම්මානයක් ද තමන් සතු කර ගනිමින් සොෆ්ට්ලොජික් ලයිෆ් තවදුරටත් ඒකාබද්ධ වාර්තාකරණයේ ප‍්‍රමුඛයා ලෙස සිය ස්ථානය තහවුරු කළේය.

CA TAGS සම්මාන උළෙලේදී අඛණ්ඩව ලබා ගත් ජයග‍්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා පැවසුවේ,”CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී අප ලබා ගත් ජයග‍්‍රහණ පිළිබඳව සතුටු වන අතරම සාර්ථකව ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අභියෝගාත්මක කාල පරිච්ෙඡ්ද මනා අවස්ථාවක් බව අප විශ්වාස කරනවා. අභියෝගාත්මක වෙළෙඳපොළ තත්වයන් මධ්‍යයේ වුවද සමාගම කීර්තිමත් සම්මාන දිනාගැනීම ඒ විශිෂ්ටත්වයේ කැපවීමට සාක්ෂියක්. ආර්ථිකය අතින් රට අස්ථාවර කාලයක මෙම සම්මාන අපගේ විශිෂ්ටත්වයේ සංකේත පමණක් නොව අභියෝගවලට මුහුණ දෙමින් සාර්ථකව ඉදිරියට යාමට සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනයට හැකි බව සනාථ වන කරුණකි.’’ යනුවෙනි.

සොෆ්ට්ලොජික් ලයිෆ් හි ඒකාබද්ධ වාර්ෂික වාර්තාව මගින් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමිතීන් ඉක්මවා යමින් ශ‍්‍රී ලංකාවේ මූල්‍ය වාර්තාකරණයේ නව මිණුම් සලකුණු සනිටුහන් කිරීමට සමාගමේ ඇති දැඩි කැපවීම මනාව පිළිබිඹු කරයි. සමාගම 2013 වසරේදී සිය ඒකාබද්ධ වාර්තාකරණ ගමන්මග ආරම්භ කළ අතර එතැන් පටන් අඛණ්ඩව වසර දහයක් පුරා ඔවුන්ගේ ඒකාබද්ධ වාර්ෂික වාර්තා ඉදිරිපත් කර තිබේ. මෙම ඒකාබද්ධ වාර්ෂික වාර්තාව හරහා සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් සිය පාර්ශවකරුවන් සඳහා වටිනාකමක් එකතු කරන්නේ එහි බාහිර සාධක, උපාය මාර්ග, සම්පත් කළමනාකරණය, ව්‍යාපාර ආකෘතිය, කාර්යසාධනය, ආයතනික පාලනය සහ අනාගත අවස්ථාවන් පිළිබඳ සමබර හා සංක්ෂිප්ත විශ්ලේෂණයක් ලබා දෙමිනි. එපමණක් නොව මෙම සොෆ්ට්ලොජික් ලයිෆ් වාර්ෂික වාර්තාව International Framework සහ Global Reporting Initiative (GRI) Standard ‘Core’ වැනි ගෝලීය මිනුම් සළකුණු අනුව ද සිදු කරන ලද්දකි. මීට අමතරව සමාගම විසින් අඛණ්ඩව තෙවන වසරටත් ඒකාබද්ධ වාර්තාකරණය (integrated reporting) සඳහා බාහිර සහතිකය (external assurance) හිමිකර ගත් අතර එම සහතිකය ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු වන සමාගම ද සොෆ්ට්ලොජික් ලයිෆ්ය.

සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප‍්‍රධාන මූල්‍ය නිලධාරී නුවන් විතානගේ මහතා පැවසුවේ ‘‘සොෆ්ට්ලොජික් ලයිෆ්හි ශක්තිමත් මූල්‍ය වාර්තාකරණය හුදෙක් නියාමන අවශ්‍යතාවයක් නොවේ. එය විනිවිදභාවය, වගවීම, පාලනය, තිරසාරභාවය පවත්වා ගැනීම, සහ පාර්ශවකරුවන් සමඟ විශ්වාසය ගොඩනැගීමට සමාගමට ඇති කැපවීම පෙන්නුම් කරන ප‍්‍රධානම අංගයකි. ඊට අමතරව තාක්ෂණය සහ නව්‍ය වාර්තාකරණ ක‍්‍රම අනුගමනය කිරීම තුළින් අපගේ පාර්ශවකරුවන්ට අර්ථවත් සහ විනිවිදභාවයෙන් යුතු මූල්‍ය තොරතුරු ලබා දෙමින් සංකීර්ණ මූල්‍ය තොරතුරු වඩාත් පැහැදිලිව සහ ප‍්‍රවේශ විය හැකි ලෙස ඉදිරිපත් කිරීමට අපට උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙනි.

‘‘CA සම්මානවලට අමතරව 2023 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ දීත් ගෞරවනීය සම්මාන පහක් දිනා ගැනීමට අපට හැකි වුනා. මෙම සම්මාන පහට ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටත්වය සඳහා වන සමස්ත රන් සම්මානය ද ඇතුලත්. මෙයින් විවිධ වාර්තාකරණ අංශ හරහා ඉහළ ප‍්‍රමිතීන් ආරක්ෂා කිරීමට අපට ඇති හැකියාවන් ප‍්‍රදර්ශනය කරන අතර මෙම සම්මාන මගින් පාර්ශ්වකරුවන් සඳහා විනිවිදභාවය, වගවීම සහ වටිනාකම ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇති කැපවීම පෙන්නුම් කරනවා.’’

CA ශ්‍රී ලංකා සම්මාන උළෙලේදී පාර්ශවකරුවන් වෙනුවෙන් මෙරට සමාගම් හි මූල්‍යකරණ හා වෙනත් තොරතුරු ඵලදායීව වාර්තාකරණය සහ ව්‍යවස්ථාදායක අවශ්‍යතාවන්ට අනුකූලව දැඩි නියාමනයන් ඔස්සේ සිදු කරනු ලබයි. එහිදී සම්මාන සඳහා වන වාර්තා ඇගයීමේ දී එම එක් එක් ආයතනයේ ආයතනික අරමුණූ, කාර්යයසාධනය, ප‍්‍රධාන සන්ධිස්ථාන හා අනෙකුත් වැදගත් තොරතුරු හොඳින්ම සන්නිවේදනය කිරීමේ හැකියාව අනුව තෝරාපත් කරගනු ලබයි.

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සී හි අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය, වෙළෙ`ද, තොරතුරු හා සන්නිවේදන, සංචාරක, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ‍්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ‍්‍රයෙන් වර්ධනය වන සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැලකිය යුතු පාර්ශවකරුවන් අතර ගෝලීය ආයෝජකයෙකු වන Leapfrog Investments සිටී. එම සමාගම ඩොලර් බිලියන 2 කට වඩා අරමුදල් කළමනාකරණය කරන අතර ලෝකයේ වඩාත්ම කීර්තිමත් ආයෝජන සංවිධාන ඇතුළත් ආකර්ෂණීය ආයෝජක පදනමක් ඇත.

සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ්

සොෆ්ට්ලොජික් ලයිෆ් ප‍්‍රධාන මූල්‍ය නිලධාරී නුවන් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *