22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඉහළ අස්වැන්නක් ලබා දෙන සහල් වගාවකට චීන විශේෂඥ දැනුම…

චීන අග්‍රාමාත්‍ය ලී කියෑං (Li Qiang) විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත චීනය වඩාත් ශුභ ලෙස සලකන ‘මකරාගේ වසර’ සඳහා අලුත් අවුරුදු සුබපැතුම් පිරිනැමීය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් ෂෙන්හොං (Qi Shenhong) මහතා අද (2024.01.09) කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවී චීන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සුබපැතුම් පත්‍රය භාර දුන්නේය.

ශ්‍රී ලංකාව තුළ පවතින දුෂ්කරතා මඟහරවා ගැනීමට ඇති හැකියාව දැකීමට සතුටු වන බව පැවසූ තානාපතිවරයා අතර කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට චීනයේ අඛණ්ඩ සහයෝගය ලබා දීමටද සහතික විය.

ඉහළ අස්වැන්නක් ලබා දෙන සහල් වගාව සංවර්ධනය කිරීම පිළිබඳ චීන විශේෂඥ දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමේ වැඩසටහනක් චීනය විසින් ආරම්භ කරන බවත් එය ඉදිරි යල කන්නයේදී දියත් කරන බවත් චීන තානාපතිවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා සහ චීන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz