සැම්සුන් ශ‍්‍රී ලංකා 35%ක අසමසම වට්ටම් සමඟින් ‘Wowrudu Wasi’ හඳුන්වා දෙයි

උදාවන සිංහල හින්දු අලූත් අවුරුදු සමය වෙනුවෙන් Samsung Wowrudu Wasi හඳුන්වාදෙමින් සිය පාරිභෝගිකයින් වෙත ප‍්‍රීතිමත් උත්සව සමයක් උදා කර දීමට සැම්සුන් ශ‍්‍රී ලංකා කටයුතු කර ඇත. මාර්තු 4 වන දින සිට අපේ‍්‍රල් 30 වන දින දක්වා ක‍්‍රියාත්මක මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සැම්සුන්හි අද්විතීය තාක්ෂණයෙන් නිෂ්පාදිත නවතම උපකරණ හා නිෂ්පාදන සුවිශේෂී මිලකට ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදා වේ. ඒ යටතේ නිවසට අවශ්‍ය රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත‍්‍ර සහ මයික්‍රොවේව් ඇතුළු විදුලි උපකරණ වර්ග රැසක් 35%ක් දක්වා වට්ටම් සහිතව මිලදී ගැනීමේ අවස්ථාව සලසා දී ඇති සැම්සුන් නව වසරේ නිවසට නව අසිරියක් එක් කිරීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා කර දී ඇත්තේ ඔවුන්ට සුවිසල් අස්වැසිල්ලක් ලබා දෙමිනි.

මෙම අසමසම දීමනා සම්බන්ධයෙන් සිය සතුට පළකළ සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා ‘‘සෑම වසරකම පාරිභෝගිකයින් වෙනුවෙන් අසමසම ප‍්‍රතිලාභ ලබා දීමේ  සැම්සුන් සම්ප‍්‍රදාය මේ වසරේදීද නවීන තාක්ෂණය සමඟ එක් කරමින් යථාර්තයක් බවට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. ප‍්‍රමුඛ පෙළේ නිෂ්පාදන හා සේවා පාරිභෝගිකයින් වෙත ලබා දීම සඳහා වන අපගේ කැපවීම පිළිබිඹු කරන මෙම සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් ඉහළම වට්ටම් සම`ගින් හොඳම දේ මිලදී ගනිමින් නව වසරේ සතුට භුක්ති විඳින ලෙස සියලූ දෙනාට අප ආරාධනා කර සිටිනවා. ඒ වගේම විශිෂ්ටත්වය උදෙසා අපගේ කැපවීම ප‍්‍රදර්ශනය කරන නව්‍ය තාක්ෂණයේ මහිමය අත්විඳීමට අප සමඟ එක් වන ලෙස අපගේ සියලූ ගනුදෙනුකරුවන්ට ආරාධනා කිරීමටත් මෙය අවස්ථාවක් කර ගන්නවා.’’ යනුවෙන් පැවසුවේය.

රූපවාහිනී ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස අඛණ්ඩව 18 වසරක් තිස්සේ අංක 1 රූපවාහිනී නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දීමට කටයුතු කර ඇති සැම්සුන් HD තාක්ෂණයේ සිට 4K දක්වාත්, 4Kන සිට QLED දක්වාත් එතැනින් 8K දක්වාත් තාක්ෂණික විශිෂ්ටත්වයේ රූපවාහිනී නිෂ්පාදනයන් රැසක් වෙළෙඳපොලට හඳුන්වා දී ඇත්තේ පාරිභෝගිකයා කැමති නිෂ්පාදනයක් මිලදී ගැනීමේ අවස්ථාව සලසා දෙමිනි. කලින් කලට උසස්ම තාක්ෂණයන් සමඟින් වෙනස් වන රූපවාහිනී නිෂ්පාදනයන් AirSlim නිමාව, Quantum Dot තාක්ෂණය, දුරස්ථ පාලකයෙන් ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව මෙන්ම Screen Sharing තාක්ෂණයෙන් සන්නද්ධ විශේෂාංගයන් රැුසක් සහිත රූපවාහිනී අත්දැකීමක් පාරිභෝගිකයා වෙත ලබා දීමට සමත්ව ඇත. සැම්සුන්හි QLED තාක්ෂණය සුවිශේෂී වර්ණ පරාසයක් තුළ අසමසම නැරඹීමේ අත්දැකීමක් හිමි කර දෙන අතරම රූප නිවැරදිව ග‍්‍රහණය කර දෙමින් සුපැහැදිලි රූප රාමු පරිශීලකයා වෙත ගෙන ඒමේ පහසුව හිමි කර දෙයි. එසේම පරිශීලයන් වෙත රූපවාහිනිය නැරඹීමේ නවතම අත්දැකීම් ගෙන එන සැම්සුන් Neo QLED 8K රූපවාහිනිය වසර 3ක වගකීමක් හා දීප්තිමත් තිරය සඳහා වසර 10ක වගකීමක් පාරිභෝගිකයා වෙත ලබා දීම ද විශේෂත්වයකි.

නිවසට අත්‍යාවශ්‍ය ශීතකරණ මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙත උසස්ම තාක්ෂණයෙන් යුත් ශීතකරණ ලබා දෙන සැම්සුන් ඊට නවතම විශේෂාංග එක් කරමින් Digital Inverter Compressor සඳහා වසර 20ක වගකීමක් ලබා දීමට කටයුතු කර ඇත්තේ සිය විශ්වාසය යළි යළිත් පාරිභෝගික සිත් සතන් තුළ ජනිත කරමිනි. එය සතු Twin Cooling Plus තාක්ෂණය හේතුවෙන් දිගු කාලයක් නැවුම් බව ආරක්ෂා කර ගැනීමට හැකි වන අතරම බාහිර විශාලත්වයකින් තොරව අභ්‍යන්තර වැඩි ඉඩක් නිර්මාණය කර ඇති SpaceMax තුළින් වැඩි ප‍්‍රමාණයක් ගබඩා කිරීමේ පහසුව අත් කර දෙනු ලබයි. තවද සැම්සුන්හි Digital Inverter තාක්ෂණය හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ පහසුව පාරිභෝගිකයින්ට හිමි වේ. නිවසට පහසුවක් මෙන්ම නැවුම් බවක් එක් කරන Power Freeze/Power Cool වැනි විශේෂාංගයන් තුළින් පහසුවෙන් හා ඉක්මණින් සිසිල් කර ගැනීමේ අවස්ථාවද පරිශීලකයින්ට හිමි වේ.

සැම්සුන් ගෘහ විදුලි උපකරණ මිලදී ගන්නා ඔබට විශ්වාසනීය කල්පැවැත්ම සමඟින් වසර 20ක වගකීම් සහතිකයක් හිමිකර දීමට කටයුතු කර ඇති සැම්සුන් එවන් සුවිශේෂී වගකීමක් ලබා දෙන එකම සන්නාමය ලෙසද පෙන්වා දිය හැකිය.

පහසුවෙන් භාවිත කළ හැකි හා සනීපාරක්ෂාවට ප‍්‍රමුඛත්වය ලබා දෙන සැම්සුන් රෙදි සෝදන යන්ත‍්‍රද උත්සව සමයේදී නිවසට අත්‍යාවශ්‍ය නිෂ්පාදනයක් ලෙස පෙන්වා දිය හැකිය. රෙදි සෝදන යන්ත‍්‍රයට දිගු ආයු කාලයක් එක් කරන Digital Inverter මෝටරයකින් සුසැදි සැම්සුන් රෙදි සේදුම් යන්ත‍්‍ර සතු WIFI සහ Smart Things යෙදවුම්, AI තාක්ෂණය, Eco Bubble තාක්ෂණය, Diamond Drum සහ Steam Wash වැනි සුවිශේෂී විශේෂාංගවලින්  හේතුවෙන් රෙදි සේදීමේ කාර්යක්ෂම විසඳුම් ලබා දෙන්නේ නව්‍ය තාක්ෂණයේ විශිෂ්ටත්වයද එක් කරමිනි. එසේම සැම්සුන්හි Convection-32L මයික්‍රොවේව් උඳුන තුළින් නිවසේ ඉවුම් පිහුම් නව්‍යකරණයට ලක් කරනු ඇත්තේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය Slim Fry, Wide Grill වැනි ආහාර පිසුම් තාක්ෂණයන්ද ඊට එක් කරමිනි.

මේ සියලූ දේ “Samsung Wowrudu Wasi” තුළින් පහසුවෙන් අත්විඳිය හැකි අතර ජීවන තත්වය ඉහළ නංවා ගැනීමට මෙන්ම නව්‍ය තාක්ෂණික අත්දැකීම් ජීවිතයට එකතු කර ගැනීමටද මෙය සුවිසල් අවස්ථාවක් වනු නිසැකය. විශේෂයෙන් නව නිපැයුම් හඳුන්වා දීමට එහා ගිය සැම්සුන්හි නව්‍යකරණ උරුමය තුළින් පාරිභෝගික ජීවන තත්වයන් ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ ඔවුන් වෙත අසමසම විසඳුම් ලබා දෙමිනි. පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ විසඳුම් තුළින් සුවපහසු දිවි පෙවතක් උරුම කර දීමට කටයුතු කරන සැම්සුන් “Wowrudu Wasi”, තුළින් එය නැවතත් යථාර්තයක් බවට පත් කරනු ඇත්තේ නව වසරේ සතුට දෙගුණ තෙගුණ කරමිනි.

ශ‍්‍රී ලාංකිකයින් වෙත නව්‍ය නිෂ්පාදන හා සේවාවන් නිරන්තරයෙන් හඳුන්වා දෙමින් ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සැපයුම්කරුවකු ලෙස සිය විශිෂ්ටත්වය තුළින් අසමසම අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත ලබා දීමට සැම්සුන් සමත්ව සිටියි.

ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයින් හට දිවයින පුරා විදුලි උපකරණ බෙදාහරින්නන් මඟින් උත්සව සමයේ හඳුන්වා දී ඇති වට්ටම් සහිතව සැම්සුන් පාරිභෝගික විදුලි උපකරණ මිලදී ගනිමින් සැම්සුන්හි එම විශිෂ්ටත්වය අත්විඳිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *