X-Press Feeders, 2024 කොළඹ වරාය සම්මාන උළෙලේදී අංක 1 පෝෂක සේවා සපයන්නා ලෙස විශිෂ්ටත්වයට පත් වෙයි

ලොව විශාලතම ස්වාධීන පොදු – පෝෂක සේවා සපයන්නා වන X-Press Feeders පසුගියදා පැවැත්වුණු 2024 කොළඹ වරාය සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවැනි වරටත් විශිෂ්ටතම පෝෂක සේවා සපයන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. නාවුක කර්මාන්තය තුළ නවෝත්පාදන සේවාවන් දියත් කිරීමේ විශිෂ්ටත්වය හා උසස් සේවාවක් ලබා දීම වෙනුවෙන් X-Press Feeders හි කැපවීම එම සම්මානය තුළින් යළි යළිත් පිළිබිඹු විය.

මෙම සම්මානය සඳහා සුදුස්සන් තෝරා ගැනීමේදී කොළඹ වරාය සම්මාන කමිටුව මඟින් සුවිශේෂී නිර්ණායක කිහිපයක් ඉදිරිපත් කරන ලදී. හසුරුවන ලද මුළු පරිමාව පිළිබඳව සැලකීමේදී  X-Press Feeders එහි ප්‍රමුඛත්වය ගැනීමට කටයුතු කරනු ලැබුවේ අසමසම කාර්ය සාධනයක් වාර්තා කරමිනි. නිරන්තරයෙන් සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් ඒ සඳහා විශ්වසනීය හා කාර්යක්ෂම විසඳුම් ලබා දීමට කැපවී කටයුතු කරන X-Press Feeders ගෝලීය අභියෝගයන් ජය ගනිමින් කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය සනිටුහන් කිරීමට සමත්ව සිටියි.

කොළඹ වරාය කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම වෙනුවෙන් සුවිසල් කාර්යභාරයත් ඉටු කර ඇති  X-Press Feeders කොළඹ වරාය හරහා සේවා 16ක් ආවරණය වන පරිදි පෝෂක සේවා සපයනු ලබයි. සබඳතාවන් ඉහළ නැංවීමට පමණක් නොව කලාපයේ සමුද්‍රීය දොරටුවක් ලෙස කොළඹ වරාය ශක්තිමත් කිරීමටද මෙම උපාය මාර්ගික ව්‍යාප්තිය හේතු වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Sea Consortium Lanka Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන හෙට්ටිආරච්චි මහතා “කොළඹ වරාය තුළ සුවිශේෂී සේවා සැපයීම වෙනුවෙන් අපගේ කැපවීම ඇගයීමට ලක් කරන මෙම සම්මානය අප සමාගම විසින් හිමි කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකියි. පසුගිය දශක 3ක පමණ කාලය තුළ අංක 1 පෝෂක සේවා සැපයුම්කරු ලෙස අපගේ ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යාමට අපට හැකි වුණා. විශේෂයෙන් අප සතු හැකියාව හේතුවෙන් නිරන්තරයෙන් අප වෙත එල්ලවන ගෝලීය අභියෝගයන් හා පාරිභෝගික අවශ්‍යතා අවබෝධ කර ගනිමින් ඒවාට අවශ්‍ය විසඳුම් ලබා දීම තුළින් මෙම සාර්ථකත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට අපට හැකි වුණා. ඒ නිසාම මෙම සම්මානය 50 වසරක මෙහෙයම් තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් අපගේ නොසැලෙන කැපවීම සම්බන්ධයෙන් වන කදිම සාක්ෂියක් ලෙසද සඳහන් කළ හැකියි.” යනුවෙන් පවසා සිටින ලදී.

ඉහළ සේවා ගුණාත්මකභාවයක් තුළින් සේවා ප්‍රමිතීන් ආරක්ෂා කර ගනිමින් පෝෂක සේවා සැපයීමට කටයුතු කරන X-Press Feeders තමන් වෙත එල්ල වෙන අභියෝග හා දුෂ්කරතාවයන් මධ්‍යයේ වුවද පොදු පරිශීලක පෝෂක සේවා සළසන්නකු ලෙස සිය ස්ථාවරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසී කටයුතු කරයි. ඒ නිසාම නාවික මාර්ග, NVOCC සහ ISO බහාලුම් ක්‍රියාකරුවන් ඇතුළු ගෝලීය පාරිභෝගික විශ්වාසය තමන් සතු කර ගැනීමට X-Press Feeders ආයතනයට හැකි වී ඇත.

සිය පාරිභෝගික අවශ්‍යතාවන්ට ගරු කරමින් ඔවුන් වෙත හොඳම ජාලගත සේවාව, සැලසුම් සහ විශේෂඥ සේවාවක් නිරන්තරයෙන් ලබා දීමේ සිය මෙහෙවර හා දැක්ම අනුව X-Press Feeders කටයුතු කරනු ලබයි. තවද X-Press Feeders හි වෘත්තීයමය භාවය, ආයතනික ආචාර ධර්ම සහ තාක්ෂණික දියුණුව සඳහා දක්වන  කැපවීම පාරිභෝගික ගරුත්වය, අඛණ්ඩතාව හා විවිධත්වය වැනි ආයතනික වටිනාකම් තුළින් මනාව ප්‍රකට වේ.

X-Press Feeders ඉදිරි වසර 5 -10 ක කාලය තුළ අන්තර්ජාල වෙළෙඳාම ඉහළ නැංවීම, තිරසාර වැඩසටහන්, තාක්ෂණික ඉහළ නැංවීම් සහ වෙළෙඳ මාර්ගයන්හි වෙනස්කම් සමඟින් පෝෂක සේවා වෙළෙඳපොලෙහි සුවිශේෂී වෙනස්කම් සිදු කිරීමට අරමුණු කොට ගෙන ඇත. නව්‍යකරණය හා තිරසාරත්වය නෙනුවෙන් කැපවී කටයුතු කරන ඔවුන්ගේ තවත් එක් සුවිශේෂී අරමුණක් වන්නේ පාරිසරික ආරක්ෂාව වෙනුවෙන් වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.

සිය සේවා මෙහෙයුම් තුලදී දැනටමත් තිරසාරත්වය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කර ඇති X-Press Feeders ඉන්ධන පරිභෝජනය හා කාබන් විමෝචනය අවම කිරීම වෙනුවෙන් TEUs 1250 සිට 7000 දක්වා වන නවතම යාත්‍රා 30ක් පමණ හඳුන්වා දීමටද කටයුතු කර ඇත. තවද 2050 වන විට ශුද්ධ කාබන් විමෝචන තත්වයක් ළඟා කර ගැනීමට කැපවෙමින් වාර්ෂිකව හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහාද X-Press Feeders නිරන්තරයෙන් වෙහෙසී කටයුතු කරයි.

X-Press Feeders පිළිබඳව

ලොව විශාලතම ස්වාධීන පොදු පෝෂක සේවා ප්‍රවාහන සේවාව ලෙස  1972 වසරේදී ආරම්භ කරන ලද X-Press Feeders විසින් ගනුදෙනුකරුවන්ගේ පෝෂක සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විශ්වාසදායී හා වඩා ලාභදායී සේවා විසඳුම් ලබා දෙයි. ආසියාව, යුරෝපය, මධ්‍යධරණී මුහුද, ඇමරිකාව, මැද පෙරදිග, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ අප්‍රිකාව යනාදී කලාපයන් තුළ පෝෂක සේවාවන් ක්‍රියාත්මක කරනු ලබන X-Press Feeders 2022 වසරේදී TEU මිලියන 6.4ක් මෙහෙයවීමට සමත් විය. තමන් සතු යාත්‍රා 110ක් මඟින් ස්ථිර නාවික මාර්ග 80කදී සිය ගෝලීය සේවාදායකයින් 700ක් වෙත සේවා සැපයීමට X-Press Feeders හට හැකිව තිබේ. 2021 වසරේදී TEU 550,000 ක් ඉක්මවීමට සමත් වූ X-Press Feeders 2022 වසරේදී එය 650,000 දක්වා ගෙන යාමටත්  2023 වසරේදී 600,000 ඉක්මවීමටත් සමත්වීම කැපී පෙනෙන ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකි අතර ඒ තුළින් කොළඹ වරාය වෙත සැලකිය යුතු දායකත්වයක් ලබා දීමටද ඔවුන් කටයුතු කර ඇත.  කොළඹ වරාය තුළ මෙහෙයුම් සිදු කරන යාත්‍රා ප්‍රමාණය 2022 වසරේදී 300ක් දක්වා ඉහළ නැංවීමට සමත් වූ X-Press Feeders සිය යාත්‍රාවන්ගෙන් 60% ක ප්‍රමාණයක් වසර 5කට අඩු අලුත්ම යාත්‍රා බවට තහවුරු කිරීමටද සමත්ව සිටී. නිරන්තරයෙන් වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා අවබෝධ කර ගනිමින් ඔවුන්ට ගැලපෙන සේවාවන් ලබා දීමේ සුවිශේෂී හැකියාව නිසාම සාර්ථකත්වය අත්පත් කරගෙන ඇති X-Press Feeders සිය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් අඛණ්ඩව සේවාවන් ලබා දීමට කටයුතු කරනු ඇත.

ඡායාරූපය –

A group of men clapping and standing on a stage

Description automatically generated

විස්තරය – X-Press Feeders හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන හෙට්ටිආරච්චි මහතා විසින් ගරු වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් වසරේ අංක 1 පෝෂක සේවා සැපයුම්කරු ලෙස සම්මාන හිමි කර ගනිමින්. එසේම (වමේ සිට දකුණට) CICT ටර්මිනල් හි ප්‍රධාන විධායක නිලධාරී ජැන් ෂැන්ග්, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් එස්. රුවන්චන්ද්‍ර, SLPA හි සභාපති කීත් බර්නාඩ්, සිංගප්පූරුවේ X-Press Feeders හි අධ්‍යක්ෂ නෙල්සන් සිකුයිරා, SLPA හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රභාත් මලවිගේ සහ SAGT ටර්මිනල්හි ප්‍රධාන විධායක නිලධාරී රොමේෂ් ඩේවිඩ් යන මහත්වරුන්ද ඡායාරූපයේ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *