රාජ්‍ය වතු සේවකයන්ගේ නොගෙවූ EPF/ETF ගෙවීමට අදාළ යෝජනාව ඉදිරි කැබිනට් මණ්ඩලයට..

රාජ්‍ය වතු සේවකයන්ගේ නොගෙවූ EPF/ETF ගෙවීමට අදාළ යෝජනාව ඉදිරි කැබිනට් මණ්ඩලයට..
අධිභාර ඇතුළුව ගෙවීමට ඇති සම්පූර්ණ මුදල රුපියල් කෝටි 500ක්

  • ඇමැති සියඹලාපිටිය කියයි.

රාජ්‍ය වැවිලි ව්‍යවසායන් යටතේ සේවය කරනු ලබන සේවකයන්ගේ නොගෙවූ ව්‍යවස්ථාපිත ගෙවීම් සිදු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ අධිභාරයන් සමග රුපියල් කෝටි 500කට අධික මුදලක් ගෙවීමට නියමිත බවයි. වසරේ පළමු රාජකාරිය ලෙස තමන් ඊට අවශ්‍ය උපදෙස් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලබා දීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ වැවිල ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඇරැඹිය යුත්තේ කම්කරු ජනතාවගේ නීත්‍යානුකූල අයිතීන් ආරක්ෂා කරමින් බවයි.

මේ සම්බන්ධයෙන් දැනට සේවක පාර්ශ්වය විසින් නඩු 2000කට අධික ප්‍රමාණයක් පනවා ඇති අතර ඒ වෙනුවෙන් අදාළ ආයතනවලට නීතිඥ ගාස්තු ලෙස ද විශාල මුදලක් වැය වන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *