Kaspersky ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාර මෙහෙයුම් අරඹයි

ගෝලීය සයිබර් ආරක්ෂණ හා ඩිජිටල් රහස්‍යතා සමාගම වන Kaspersky ශ්‍රී ලංකාව ,කාම්බෝජය හා බංග්ලාදේශය ඇතුළු ආසියා පැසිෆික් කලාපයේ රටවල් රැසක සිය ව්‍යාපාරයන් ව්‍යාප්ත කිරීමට කටයුතු කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. කලාපයේ දියුණු වෙමින් පවතින ආර්ථිකයන්හි ව්‍යවසාය සයිබර් ආරක්ෂණ වෙළෙඳපොල තුළ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන Kaspersky මෙහෙවරෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස මෙම උපාය මාර්ගික ව්‍යාප්තිය සඳහන් කළ හැකිය.

අද වන විට ලොව පුරා කෙමෙන් ඉහළ යමින් හා ව්‍යාප්ත වෙමින් පවතින සයිබර් තර්ජනයන් හේතුවෙන්  සංවර්ධනය වෙමින් පවතින ආසියා පැසිෆික් කලාපීය වෙළෙඳපොල වෙත සිය සයිබර් ආරක්ෂණ විසඳුම් සේවාවන් ව්‍යාප්ත කිරීමේ අවශතාව හඳුනාගත් Kaspersky කාම්බෝජය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වෙත සිය නව්‍ය හා පරිපූර්ණ විසඳුම් ලබා දීමට කටයුතු කරන ලදී. ඒ තුළින් එම රටවල ජනතාව, රජයන් මෙන්ම පෞද්ගලික ආයතනයන් මුහුණ දෙන ප්‍රභල සයිබර් ආරක්ෂණ අභියෝගයන්ට එරෙහිව සටන් කිරීමට Kaspersky අරමුණු කොට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Kaspersky හි ආසියා පැසිෆික් කලාපීය කළමනාකාර අධ්‍යක්ෂිකා Adrian Hia සඳහන් කර සිටියේ “ ශ්‍රී ලංකාව,කාම්බෝජය හා බංග්ලාදේශය යන රටවල අපගේ ව්‍යාපාරයන් ආරම්භ කිරීම තුළින් ආසියානු කලාපය තුළ ඉහළ යමින් පවතින සයිබර් තර්ජනයන්ට එරෙහිව කටයුතු කරමින් සයිබර් ගෝලය ආරක්ෂා කිරීම සඳහා වන අපගේ කැපවීම මනාව පිළිබිඹු වනවා. තමන් සතුව පවතින පුද්ගලික, ව්‍යාපාරික දත්ත පමණක් නොව ඉතා වැදගත් හා ජාතික දත්තයන් පවා සුරක්ෂිත කර ගැනීම සඳහා සයිබර් ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පුද්ගලික හා රාජ්‍ය ආයතනයන් වෙත සහයෝගය ලබා දීමට අපි කැපවී කටයුතු කරනවා” යනුවෙනි.

Kaspersky හි මෙම ව්‍යාපාර ව්‍යාප්තිය හේතුවෙන් ඒ ඒ රටවල රජය, මූල්‍ය, සෞඛ්‍ය සේවා හා විදුලි සංදේශ ඇතුළු විවිධ අංශයන් තුළින් තමන්ගේ සැබෑ අවශ්‍යතාවන්ට අනුකූලව ක්‍රියාකාරී සයිබර් ආරක්ෂණ විසඳුම් සලසා ගැනීමට ආයතන හා සංවිධානයන්ට හැකියාව උදා වේ. ඒ සඳහා වන Kaspersky හි පුද්ගල, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මධ්‍ය හා විශාල ව්‍යාපාර මෙන්ම සංකීර්ණ යටිතල පහසුකම් සමාගම් වැනි සයිබර් ආරක්ෂණ විසඳුම් ඇතුළත් වේ.

ශ්‍රී ලංකාව,කාම්බෝජය හා බංග්ලාදේශය යන රටවල ඉල්ලුම සපුරාලීම සඳහා සයිබර් ආරක්ෂණ විසඳුම් ලබා දීම වෙනුවෙන් Kaspersky  විසින් එහි විකුණුම් ප්‍රධානී ලෙස Sam Yan මහතා පත් කර ඇති අතර Pheakday Chun සහ Md. Musfiqur Rahman යන මහත්වරුන් පෙර-විකුණුම් කළමනාකරුවන් ලෙස පත් කර ඇත. ඔවුන් අග්නිදිග ආසියානු කලාපයේ සාමාන්‍යාධිකාරී Yeo Siang Tiong මහතා වෙත වාර්තා කළ යුතු වේ.

එම පත්වීම සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ලංකාව, කාම්බෝජය හා බංග්ලාදේශය යන රටවල විකුණුම් ප්‍රධානී Sam Yan මහතා “ මා වෙත පවරා ඇති වගකීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටුයි. මේ හරහා ශ්‍රී ලංකාව, කාම්බෝජය, බංග්ලාදේශය ඇතුළු ආසියා පැසිෆික් කලාපීය රටවල දේශීය ව්‍යාපාර හා ආයතනයන් වෙත අපගේ විශිෂ්ට විසඳුම් හා සේවාවන් සැපයීමට හැකියි. එපමණක් නොව එම රටවල දේශීය සයිබර් ආරක්ෂණ පද්ධතීන්හි සහයෝගීතාව හා දැනුම හුවමාරු කර ගැනීමටද අපි කැපවී කටයුතු කරනවා. එසේම කර්මාන්ත පාර්ශවකරුවන්, බැංකු සහ මූල්‍ය ආයතන, නිෂ්පාදන ආයතන, අධ්‍යාපන ආයතනය හා රාජ්‍ය ආයතන සමඟ එක් වෙමින් ඵලදායී ලෙස සයිබර් අවදානම් අවම කිරීම සඳහා සයිබර් ආරක්ෂාව පිළිබඳ අවබෝධය, නිපුණතා සංවර්ධනය හා හොඳම භාවිතයන් අනුගමනය කිරීම ඉහළ නැංවීම අපගේ අරමුණයි.” යනුවෙන් පැවසීය.

Kaspersky හි ගෝලීය හා කලාපීය වර්ධනයන්හි උපාය මාර්ගික පියවරක් වන ශ්‍රී ලංකාව, කාම්බෝජය හා බංග්ලාදේශය ඇතුළු ආසියා පැසිෆික් කලාපය තුළ වර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් වෙත ව්‍යාප්ත කිරීම තුළින් ලොව පුරා විවිධ ආයතන හා සංවිධානයන් වෙත විශ්වසනීය සයිබර් ආරක්ෂණ හවුල්කරුවකු ලෙස තම විශිෂ්ටත්වය තව දුරටත් තහවුරු කිරීමට  Kaspersky සමත්ව සිටියි.

Kaspersky පිළිබඳ වැඩි විස්තර සඳහා www.kaspersky.com වෙත පිවිසෙන්න

Kaspersky පිළිබඳව

1997 වසරේදී ආරම්භ කරන ලද ගෝලීය සයිබර් ආරක්ෂණ සහ ඩිජිටල් රහස්‍යතා සමාගමක් වන Kaspersky හි සයිබර් ආරක්ෂණ බුද්ධිය සහ ආරක්ෂක විශේෂඥතාව තුළින් ලොව පුරා ව්‍යාපාර, සංකීර්ණ යටිතල පහසුකම්, රජයන් හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් වෙනස් වන නවතම ආරක්ෂණ විසඳුම් හා සේවාවන් සපයනු ලබයි.  එහි ආරක්ෂක විසඳුම් අතරට ප්‍රමුඛතම Endpoint ආරක්ෂණ, විශේෂිත ආරක්ෂණ විසඳුම් හා සේවාවන් මෙන්ම නවීන හා කෙමෙන් ඉහළ යමින් පවතින ඩිජිටල් තර්ජනයන්ට එරෙහිව සටන් කිරීම සඳහා වන සයිබර් ප්‍රතිශක්තිකරණ විසඳුම්ද ඇතුළත් වේ.  මේ වන විට මිලියන 400කට අධික පරිශීලකයින් පිරිසක් වෙත සයිබර් ආරක්ෂාව සළසාදීමට සමත්ව සිටින Kaspersky 220,000කට අධික ආයතනික ගනුදෙනුකරුවන්ගේ වැදගත් දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් දායකත්වය ලබා දී ඇත. වැඩි විස්තර සඳහා www.kaspersky.com වෙත පිවිසෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *