22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

වතු කම්කරු නියමිත වැටුප නොගෙවන වැවිලි සමාගම් බදු ගිවිසුම් අවලංගු කිරීම පිණීස අවශ්‍ය නීති පැනවීමේ ක්‍රියාවලිය කඩිනම් කෙරේ

වතු කම්කරුවන් වෙත නියමිත වැටුප නොගෙවනු ලබන ප්‍රාදේශීය වැවිලි සමාගම් සමග රජය එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීම පිණීස අවශ්‍ය නීති පැනවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.


ජීවන වියදම සහ මෑත කාලීනව රට තුළ පැන නැගී ඇති ආර්ථික අර්බුදයේ බලපෑම් කෙරෙහි නිසි සැළකිල්ලක් යොමු කරමින් වතු කම්කරුවෙකු සඳහා දිනකට ගෙවිය යුතු වැටුප තක්සේරු කරන ලෙස මුදල් , ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම්ට 2021.05.20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් දී ඇත.එමෙන්ම , එකී වැටුප ගෙවීම සඳහා එක් එක් ප්‍රාදේශීය වතු සමාගම් සතුව පවතින හැකියාව නිශ්චය කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා ද ඊයේ(09) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ තිබේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz