22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අනුරාධපුර ශුද්ධ නගරයේ තවදුරටත් කැනීම් කිරීමට යුනිස්කෝ සංවිධානයේ තාක්ෂණික සහය – අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

      ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානයේ සහාය අඛණ්ඩ ව ම ලැබෙන බවත් අනුරාධපුර ශුද්ධ නගරයෙහි කැනීම් කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික හා අනෙකුත් සහායන් ද යුනෙස්කෝ සංවිධානය මගින් ඉදිරියේ දී ලබා දීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

      ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යුනෙස්කේ අධ්‍යක්ෂවරිය අතර පැවති හමුවේ දී සාකච්ඡා වී ඇති මෙම කරුණු ගෙනහැර දක්වමින් අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙම තොරතුරු පැවසී ය. මෙහි දී නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා යුනෙස්කෝ හවුල්කාරීත්වයේ 75 වෙනි සංවත්සර සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඌද්‍රෙ ඇසුලෙ (Audrey Azoulay) මහත්මියට ඇයගේ සහභාගීත්වය හා දක්වන සමීප සහයෝගීතාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කරන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය.

      රටවල් 194ක් සාමාජිකත්වය දරන යුනෙස්කෝ ආයතනයත් සමග දිගුකාලීන ව පැවති හවුල්කාරීත්වය සහ සහයෝගීතාව මත අප රටට නොයෙක් අවස්ථාවල විවිධ ආධාර හා මාර්ගෝපදේශයන් ලැබුණු බවත් සඳහන් කළේ ය.

      එමෙන් ම යුනෙස්කෝ සංවිධානයේ විධායක සභාවට තේරී පත් ව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ලබා ගැනීමට වර්තමානයේ හා මින් පෙර ද වශයෙන් අවස්ථා දෙකක දී ම තමන්ට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

      langladehistory.com
      loundacademy.co.uk
      saintvincenthome.org
      tributementorship.com
      zhanauto.kz