ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙන සිදුවීම් රැසක් පිළිබඳව ශාසන ඉතිහාසයේ සඳහන්වේ.

ඒවා අතර බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරු ගිහි ගෙය හැර මහණදම් පිරීම සඳහා පිටත් වීම, සිදුහත් කුමරුගේ පුතණුවන් වන රාහුල කුමාරයා ඉපදීම  ආදී සිදුවීම් වේ.බෞද්ධ සහ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් පොහොයක් ලෙස සැලකෙන ඇසළ පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *