22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පාස්කු ප්‍රහාරය ගැන කරුනු හෙලිකල ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂක අත් අඩංගුවට.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු අනාවරණයන් සිදු කළ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂක අසංග අබේගුණසේකර මහතා දිවයිනට පැමිණීමේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අද (21) අළුයම අත් අඩංගුවට ගෙන ඇත.

අසංග අබේගුණසේකර මහතාව ගෝඨාභය ජනපති සමයේදී ආරක්ෂක විද්‍යායතනයෙන් ස්ථාන මාරුකිරීමට කටයුතු කරන ලද අතර, පසුව ඒ මහතා යූටියුබ් වැඩසටහනකදි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂී විමර්ශනාත්මක කරුණු රාශියක් හෙළිදරව් කරන ලදී.
පසුව, එම වැඩසටහන යම් යම් දේශපාලන බලපෑම් මත යූටියුබ් නාලිකාවෙන් ඉවත් කරන ලදී.

අසංග අබේගුණසේකර මහතා මෙරට ප්‍රසිද්ධ දේශපාලකයකු වූ ඔසී අබේගුණසේකර මහතාගේ පුත්‍රයා වේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz