අගමැතිට සෙත් පතන පින්කම ගැන මැකෝට පැමිණිල්ලක්
මැයෙන් 2024.08.09 දින හා ඊට ආසන්න දිනවල මාධ්‍යයෙහි පළ වූ හා ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය සම්බන්ධවයි.
රටට, රට වැසියන්ට සෙත් පතා, මව්බිමේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය සුරකිනු පිණිස කතරගම කිරිවෙහෙර පුදබිමේදී වාර්ෂිකව දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබන මහා සත්‍යයක් ක්‍රියාව හා අධිෂ්ඨාන පූජාවේ මෙවර පැවැත්වූයේ 30 වන පියවරයි. සෑම විටම වසරේ මෙම කාලපරිච්ඡේදයේ එය ඉටු කරනු ලැබේ.
එකී දශක තුන තුළ ගරුතර මහා සඟරුවන, ජාතික සංවිධාන, විද්වතුන්, ජාතික ව්‍යාපාර, ආගමික සංවිධාන පෙරටුව මේ සඳහා ආරාධිතව හා අනාරාධිතව සහභාගි වේ.
අග්‍රාමාත්‍යවරයාට හෝ කිසිදු දේශපාලන අධිකාරියකට හෝ කිසිදු පුද්ගලයෙකුට නොව, මුළු මහත් රටට ආශිර්වාද පිණිස සිදු කරන මෙම අධිෂ්ඨාන පූජාව හා සත්‍යක්‍රියාව කිසිදු පටු අරමුණක් උදෙසා භාවිතා නොකළ හා නොකරන අතර, ඒ සඳහා බොහෝ දෙනා සහභාගී වන්නේ ස්වෝත්සාහයෙනි.
බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කර ජයග්‍රහණය කරන තෙක් පමණක් නොව, රටට ජාතියට මෙන් රණවිරුවන්ට ද සියලු රටවැසියනගේ දියුණුව උදෙසා මෙහි ආශිර්වාද විය.
පැෆරල් සංවිධානය විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යැවු නොමග යවන ලිපිය හුවා දක්වමින් ඔබ මාධ්‍යයේ සඳහන් ප්‍රවෘත්තිය අනුව ඉහත අධිෂ්ඨාන පූජාව හා සත්‍යක්‍රියාව වෙතට, අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් හෝ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමත්‍යංශය මගින්, කිසිදු දිස්ත්‍රික් ලේකම්වරයෙකුට, ප්‍රාදේශීය ලේකම්වරයෙකුට හෝ කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට දැනුම් දී හෝ ආරාධනා කොට නොමැත.
ඉහත සඳහන් අසත්‍ය ප්‍රවාත්තිය නිවැරදි කරන්නේ නම් අගය කරමු.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය