මාධ්‍ය නිවේදනය
ජනාධිපති ධුර අපේක්ෂකයන් වෙත විවෘත සංදේශයක්
මෙවර ජනාධිපතිවරණ තරග බිමට පිවිස සිටින සියලු අපේක්ෂකයන් වෙත මෙම විවෘත සන්දේශය ඉදිරිපත් කරනු ලබන්නේ නිදහස් කලා සන්ධානය විසින්ය. දශක ගණනාවක් මුළුල්ලේ මෙරට දේශපාලන සංස්කෘතික ප්‍රවාහය කලාකරුවන් වන අප මැනවින් විශ්ලේෂණය කොට ඇත්තෙමු. රට අර්බුධකාරී අවස්ථාවන්ට මුහුණ දුන් හැම අවස්ථාවකදීම රටක් ජාතියක් වශයෙන් එම අභියෝගයන්ට මුහුණ දීමට ශක්තිය ධෛර්යය ශ්‍රි ලාංකික කලාකරුවන් විසින් නිබඳව ලබාදුන්නේය. එහෙත් අද වන විට කලාකරුවන්ගේ මුලික අභිප්‍රාය වන සාරධර්ම වලින් ආඩ්්‍ය අලුත් අලුත් දෑ තනන ජාතියක් යන සංකල්පය මුළුමනින්ම බිඳ වැටී ඇත. නිර්මාණකරණයේ නියතු කලාකරුවන් ට හව්හරණක් නැති අන්ත අසරණ ජන කොටසක් බවට පත්වී ඇත. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට අයත් ප්‍රධාන ධාරාවන්ද මුළුමනින්ම වානිජකරණය වී සංස්කෘතිය හා ජාතියේ අභිමානය අලෙවිකරණයට ලක් කරමින් පවති. සාහිත්‍ය ලෝකය තුළ පිබිිදීම මුළුමනින්ම බිද වැටී ඇත. සිනමාව, නාට්‍ය කලාව, ටෙලි නාට්‍ය කලාව,රූපවාහිනී මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ ජන මනස විකෘතිකරන අනාගත පරම්පරාවේ පෞරුෂය බිඳ දමන ආකාරයෙන්ය. මේ කොදෙව්ව තරණය කොට සංචාරකයින්ගේ පවා අමන්දා නන්දයට පත් සාම්ප්‍රදායික කලා උරුමයන් වල් බිහිවී ඇත. සිනමා කාර්මාන්තයද නිසි ජාතික ප්‍රතිපත්තියක් ක්‍රමවේදයක් නොමැති කමින් පරිහානියට පත්වී එම ක්ෂේත්‍රය තුළ නියැලෙන කලාකරුවන් අවිනිශ්චිත ඉරණමකට පත් වී ඇත. ඒ අනුව සමස්ත කලාකරුවන් අභිප්‍රේරණ විරහිත ශුන්‍ය මානසිකත්වයකින් පෙළෙන්නේය. දැනුමෙන්, රසඥතාවයෙන් සන්නද්ධ නිදහස් චින්තනයක් ගොඩ නැගෙන්නේ රටක සමස්ත කලාව ශක්තිමත් වුවොත් පමණය. මේවන විට සෞන්දර්ය විෂය පවා පාසල්වලින් බැහැර කිරීමේ පිඹුරුපත් සකස්වෙමින් පවතී. කලාව නැති රටක් කැලෑවක් යන ප්‍රවනතාවයක් අද දක්නට ලැබේ. මානව වර්ගයාගේ පැවැත්මට ආහාර හෝ ද්‍රව්‍යාත්මක නොවන සෞන්දර්යාත්මක සන්ධර්බයක් අවශ්‍ය වන්නේය. සදාචාරය, උත්තරීතර මානව ගුණාංග, දියුණු රසඥතාවය, උසස් පරමාදර්ශී ජීවිත අපේක්ෂා මගින් පරිපුර්ණ සුපසන් මිනිසුන් බිහි කළහැක. ඒ උදෙසා රටක කලාව ප්‍රශස්ත තලයක තිබිය යුතු බව මෙරට නායකයින් මුලික ජාතික වගකීමක් ලෙස සැලකිය යුතුය.
ජනාධිපතිධුර අපේක්ෂකයන් සිය ප්‍රතිපත්ති ලෙස කවර දේ ඉදිරිපත් කලත් රටේ කලා ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ගන්නා ක්‍රම වේදයක් හෝ ප්‍රතිපත්තියක් දක්නට නොමැත.එමනිසා රට අභිමානය කරා රැගෙන යාමේ සැබෑ අරමුණින් ජනතාවාදී සහ මානවවාදී ලෙස කටයුතු කරන ඕනෑම අයෙකුට මෙම සංදේශය විවෘත කරමින් කලාකරුවන් සමඟ විවෘත කථිකාවකට පැමිණෙන ලෙස කාරුණිකව ආරාධනා කර සිටින අතර මේ සඳහා නිසි ප්‍රතිචාර දක්වමින් විශ්වසනීය ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ඕනෑම කණ්ඩයමකට පාට පක්ෂ බේදයකින් තොරව අපගේ ආශිර්වාදය හිමිවේ. එමෙන්ම මෙහිදී කලාකරුවන් වන අප කිසිසේත් වරදාන වරප්‍රසාද බලාපොරාත්තු නොවන බවත් හුදෙක් සාරධර්ම පිරි රටක් දැකීමේ අභිලාෂය පෙරදැරිව සිදුකරන්නක් බව කාරුණිකව වැඩි දුරටත් සදහන් කරන්නෙමු.
සුදත් රෝහණ නිදහස් කලා සන්ධානයේ විධායක සභාව වෙනුවෙන්