22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සංචාරක ක්ශේත්‍රයේ සේවා සපයන ප්‍රධාන සංගම් රැසක් ජාතික ජන බලවේගය හමුවෙයි

ජාතික ජන බලවේගයේ සංචාරක ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ නියෝජිතයින් හා සංචාරක ක්ෂේත්‍රයේ සේවා සපයන්නන් නියෝජනය කරනු ලබන ප්‍රධානතම සංචාරක සංගම් කිහිපයක ප්‍රධාන නිලධාරීන් අතර සාකච්ජාවක් පසුගිය 22 දින බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ.

එහිදී ජාතික ජන බලවේගයේ ජාතික සංචාරක ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දර්ඝ ලෙස සාකච්ජා කර ඇති අතර පැමිණි සංචාරක සංගම් විසින්ද අදහස් හා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇත. සංචාරක ප්‍රතිපත්ති කෙටුම්පතට තවදුරටත් සංවර්ධනය කිරිමේදී එම යෝජනා පිලිබඳවද සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීමට ප්‍රතිපත්ති කමිටුව එකගතාවය පල කර ඇත.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ සංචාරක ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ නියෝජිතයින් කිහිපදෙනෙකු සහභාගී වී ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz