22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන්නේ ඉටු කළ නොහැකි මැතිවරණ පොරොන්දු නොවදැනට ක්‍රියාත්මක වැඩසටහන් බව ඇමැති සියඹලාපිටිය කියයි

ආණ්ඩුව ජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ක්‍රියාත්මක කළ නොහැකි මැතිවරණ පොරොන්දු නොව දැනට රට තුළ ක්‍රියාත්මකව පවතින වැඩසටහන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ඒ අනුව ජනතාවගේ අය කෙරෙන බදු මුදල් අවභාවිත වීම පිළිබඳව ජනතාව කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ආණ්ඩුව සෑම විටම රාජ්‍ය ආදායම ඉහළ නැංවා ගැනීමට කටයුතු කරන අතර ඉන් ලැබෙන බදු ආදායම යළිත් ජනතා සේවයට ම යොදවන බව ජනතාව වෙත ලැබී ඇති සහන අනුව තහවුරු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි. රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම පමණක් නොව ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ධීවර, ගොවි ජනතාව වෙත සහන සැලසීමේ වැඩසටහන් ද වෙනත් වේදිකාවල ඇසෙන මැතිවරණ පොරොන්දු නොව ප්‍රයෝගිකව රට තුළ ක්‍රියාත්මක වන ඒවා බව හෙතෙම අවධාරණය කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz