සමගි ජන සන්ධාන රජයකින් දූෂණ විරෝධි වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.
තලතා අතුකෝරල මහත්මිය ගත් තීරණය ගැන කනගාටු වන බවත් දේශපාලන පක්ෂයක ඉන්නවා නම් පක්ෂයේ මතයට ගරු කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.
පෙරේදා (22) සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා එසේ පැවසීය.
වැඩිදුරටත් මන්ත්‍රී මයන්ත දිසානායක මෙසේද පැවැසීය.
“මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වෙනවා. ඒ අපේක්ෂකයන්ගෙන් බහුතරයක් මඩ ප්‍රහාර එල්ල කරන්නේ සජිත් ප්‍රේමදාසට. එක් දේශපාලන කණ්ඩායමක් තමයි බොහෝමයක් අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ වගේම ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ආණ්ඩුව මේ ආකාරයට කරන දේශපාලන වැඩසටහන් තරයේ හෙළා දකිනවා.
ඒ වගේම ධීවර කර්මාන්තයේ නිරත වන පුද්ගලයන්ට රුපියල් 25ක ඉන්ධන සහනාධාරයක් ලබාදීමට, තේ වගාකරුවන් සඳහා ද රුපියල් 4,000ක පොහොර දීමනාවක් ලබාදීමට සහ මාස හයක කාලයකට වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට රටවල් 35කට අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. මේ දේවල් ආණ්ඩුව කරන්නේ ජනාධිපති මැතිවරණය ඉලක්ක කරගෙන. ඒ වගේම සීනි, පරිප්පු වගේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පහත දමා ඉදිරියේදී රජය සහනයක් ලබාදෙන්න හැකියාවක් තිබෙනවා.
තව දින කිහිපයකින් නිර්මාණය කරන සමගි ජන සන්ධාන රජයෙන් ස්ථිර ආර්ථික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. සමගි ජන සන්ධානයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව හොඳින්ම දන්නවා. පක්ෂයක් සහ සන්ධානයක් විදිහට රටේ ආර්ථිකය පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර තිබෙන්නේ සමගි ජන සන්ධානය සහ සමගි ජන බලවේගය පමණයි.
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක කියනවා ඇපයක් නැතිව ණය දෙනවා කියලා. ඇපයක් තියන්නේ නැතිව ණය ගන්න බෑ. අනුර කුමාර දිසානායකගේ ක්‍රමයෙන් ජනතාව ණය ගත්තොත් රටේ යළි ආර්ථිකය කඩා වැටෙනවා. ශ්‍රී ලංකාව තවම බංකොලොත් රාජ්‍ය කියන දේ අපි අමතක නොකළ යුතුයි. ශ්‍රී ලංකාව තවම විදේශ ණය ගෙවීම ආරම්භ කර නෑ. රටේ තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට සහ ණය ගෙවීමට ස්ථිර විසඳුමක් අවශ්‍යයි. ඒ ස්ථාවර විසඳුම ලබාදීමට හැකි එකම දේශපාලන සන්ධානය සමගි ජන සන්ධානය පමණයි.
සමගි ජන සන්ධාන රජයකින් දුෂණ විරෝධි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ වගේම බදු ගෙවීම් පැහැර හැරි පුද්ගලයෙන්ගෙන් බදු මුදල් එකතු කරගෙන රටේ සංවර්ධනයට යොදවන්න කටයුතු කරනවා. සමගි ජන සන්ධාන රජයකින් සාමාන්‍ය ජනතාවට අධික බදු බරක් ලබාදීමට කටයුතු කරන්නේ නෑ. සාමාන්‍ය ජනතාවට දරාගත හැකි ආර්ථික වැඩසටහනක් රටේ ක්‍රියාත්මක කරන්නත් සමගි ජන සන්ධාන රජයකින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ වංචා දූෂණ චෝදනා නැති අවංක දක්ෂ නායකයෙක්. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඉන්න කණ්ඩායමත් එහෙමයි.