22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් සහතික කිරීම සඳහා යුරෝපා සංගමයේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කෙරේ…

• ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් සහතික කිරීම සඳහා යුරෝපා සංගමයේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කෙරේ…
• ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයට පැමිණිල්ලක්…

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂය විසින් මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ප්‍රතිසංශෝදන සංවිධානයේ නීති නියෝජිත ධනුක රනන්ජක කහඳගමගේ මහතා විසින් යුරෝපා සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
යුරෝපා සංගමයට විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඒ් මහතා සඳහන් කරන්නේ මෙම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව දිගින් දිගටම පැමිණිලි කළද මැතිවරණ කොමිසම තවමත් ඊට සුදුසු ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි.
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂය විසින් මැතිවරණ නීති කඩකිරීමේ අවස්ථා කීපයක් නිරීක්ෂණය කර වාර්තා කර ඇත.
2024 ජූලි මස 28 වෙනි දින මහරගම තරුණ මධ්‍යස්ථානයේ පැවැති දේශපාලන රැස්වීම ඊට කදිම උදාහරණයකි.
එහිදී රජයේ හෙද නිලධාරීන් ඔවුන්ගේ නිල ඇඳුමෙන් සැරසී ජාතික ජන බලවේගයේ දේශපාලන රැස්වීමකට ගෙන්වා ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි. මීට අදාළ පැමිණිල්ල 2024 ජූලි මස 29 වැනි දින ගොනු කර තිබේ.
පැෆරල් සංවිධානයේද ප්‍රතිචාරය වූයේ එවැනි පුද්ගලයින් නිල ඇඳුමෙන් නොපැමිණීම වඩාත් සුදුසු බවයි. නමුත් මෙම මැතිවරණ නීති සහ දේශපාලන ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් කිසිදු වැදගත් පියවරක් ගෙන නොමැති අතර අවවාද කිරීමක් හෝ සිදු කර නොමැත.
මෙම ගැටළු විසඳීමට සහ මැතිවරණය සාධාරණව පැවැත්වීම සහතික කිරීම සඳහා මෙන්ම නීතිය ආරක්ෂා කිරීම සඳහා යුරෝපා සංගමයේ අධීක්ෂණයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකිය.
පවතින ගැටලු සහ නිසියාකාරව නියාමන ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලිය අවධානමට ලක්විය හැකි බව පෙනී යන බැවින් සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය සහතික කිරීම සඳහා යුරෝපා සංගමයේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය බව ශ්‍රි ලංකා ප්‍රතිසංශෝදන සංවිධානයේ නීති නියෝජිත ධනුක රනන්ජක කහඳගමගේ මහතා සිය පැමිණිල්ලේන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz