බංග්ලාදේශයේ සියලු ප්‍රදේශවල හින්දු ජාතිකයන්ගේ දුර්ගා පූජා, ආගමික ගීතිකා සහ සියලු හින්දු ආගමික කටයුතු ඉස්ලාම් දේවස්ථානවල අසාන් (නැමදුමට පැමිණෙන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් සිදු කරන ආගමානුකූල දැනුම්දීමේ පිළිවෙත) සහ නැමදුමට මිනිත්තු 5කට පෙර නතර කළ යුතු බවට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම නියෝගය උල්ලංඝනය කරන හින්දු ජාතිකයන් අත්අඩංගුවට ගන්නා බවත් බංග්ලාදේශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ. පසුගිය මාසයේ එරට අගමැතිනිය ෂෙයික් හසීනා රටින් පලවා හැර පාලනය සියතට ගත් විශ්වවිද්‍යාල සිසුන් එක්ව පිහිටුවා ගත් අන්තර්වාර රජයේ මේ නියෝගය හේතුවෙන් බංග්ලාදේශය ඉදිරියේදී ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය මෙන් දැඩි ආගමික අන්තවාදී මුහුණුවරක් ගනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.
රජය විසින් සිදු කරනු ලැබූ එම නියෝගයෙන් බංග්ලාදේශයේ තවදුරටත් හින්දු ජාතිකයන්ට එරෙහිව අකටයුතුකම් සහ ජාතිවාදය ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.