22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මමූති (Mammootty) සහ මෝහන්ලාල් රඟපාන ඉහළ පෙළේ මලයාලම් චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ රූගත කෙරේ…

මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සහ ප්‍රමුඛ පෙළේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් 2024.09.15 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවිය.

මලයාලම් චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ජෝසප් ඇන්ටෝ අතිරම්පුසා, අධ්‍යක්ෂවරුන් වන නාරායනන් මහේෂ් සහ සී. වී. සාරති මේ වසරේ නොවැම්බර් මාසයේදී සුපිරි මලයාලම් චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ රූගත කිරීමට සැලසුම් කර ඇත.

මලයාලම් සිනමාවේ සුපිරි තරු දෙපළක් වන මමූති (Mammootty) සහ මෝහන්ලාල් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන අතර ස්ථානීය රූගත කිරීම් දින 30ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇති බව ඔවුහු පැවසූ හ.

ඉතිරි රූගත කිරීම් කේරළ, දිල්ලි සහ ලන්ඩන් යන ප්‍රදේශවල සිදු කිරීමට නියමිත ය.

“වසර 20 කට පසු මමූටි සහ මෝහන්ලාල් චිත්‍රපටයක එකට රඟපාන පළමු අවස්ථාව මෙය වන අතර එය නිසැකවම වාර්තාගත චිත්‍රපටයක් වනු ඇතැයි අධ්‍යක්ෂ මහේෂ් පැවසී ය.

ශ්‍රී ලංකාව චිත්‍රපට රූගත කිරීමේ ස්ථානයක් ලෙස තෝරාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා එය රටට විදේශ විනිමය ගෙන ඒමට පමණක් නොව ශ්‍රී ලංකාවේ චිත්‍රපට රූගත කිරීමට සුදුසු ස්ථාන සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ද උපකාරී වන බව පැවසී ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, උපදේශක සුගීස්වර සේනාධිර, ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ කාර්තික් නඩරාජා සහ තිළිණ සුබසිංහ ද මෙම සාකච්ඡාවට එක් වූ හ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz