ශ්‍රී ලංකාවේ ගැටුම්කාරී වාතාවරණය ගැන ඇමරිකානු නිවේදනය පිළිබඳ අවධානය යොමු කොට වහා පියවර ගන්න – දේශප්‍රේමී ජන බලවේගය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි.

ජනාධිපතිවරණය පැවැත්වෙන ඔක්තෝබර් 21 දිනට ප්‍රථම හෝ පසුව ශ්‍රී ලංකාවේ ගැටුම්කාරී වාතාවරණයක් උද්ගතවිය හැකි බව සඳහන් කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනය පිළිබඳ අවධානය යොමු කොට විය හැකි අනර්ථයන් වළක්වා ගැනීමට වහා පියවර ගන්නැයි දේශප්‍රේමී ජන බලවේගය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි.
දේශප්‍රේමී ජන බලවේගයේ ප්‍රධාන ලේකම් සුගත් හේවා පතිරණ මහතා ඇතුළු පිරිස මේ සම්බන්ධයෙන් අද (17) පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කර තිබේ.
ජනාධිපතිවරණය පැවැත්වෙන ඔක්තෝබර් 21 දිනට ප්‍රථම හෝ පසුව ලංකාවේ කෙටුම්කාරී වාතාවරණයක් උද්ගත විය හැකි බව සඳහන් කරමින් සංචාරයේ යෙදෙන ජීවත්වන ඇමරිකානු වැසියන් හට අවවාදමාත්මක නිවේදනයක් ඇමරිකාවේ රාජ දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
ලෝකයේ බලගතුම රාජ්‍ය වන ඇමරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කර ඇති මේ නිවේදනය ඔවුනට ලැබී ඇති තොරතුරු මූලාශ්‍ර පදනම් කරගනිමින් වගකීමකින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක් බව අපගේ අදහසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ද විදේශීය රහස් ඔත්තු සංවිධානයක් විසින් ලබා දුන් තොරතුරු පිළිබඳව අවධානය යොමු කොට නිසි පියවර නොගැනීම නිසා සිදුවූ මහා විනාශය නවතා ගැනීමේ අවස්ථාව අහිමිව ගිය බව පසුව සිදු කළ විමර්ශනයන්හිදී හෙළිවූවා පමණක් නොව ඒ පිළිබඳව පළ වූ කොමිෂන් සභා වාර්තාවල පවා සඳහන්ව ඇත.
එම නිසා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති මෙම නිවේදනය පිළිබඳව දැඩි අවධානයක් යොමු කොට සිදුවිය හැකි අනර්ථය වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස දේශප්‍රේමී ජන බලවේගය වශයෙන් අප ඉල්ලා සිටිමි.
ආර්ථික වශයෙන් බංකොලොත් වූ අප මාතෘ භූමියට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් ලෙස වර්තමානයේ වර්ධනය වෙමින් පවතින සංචාරක කර්මාන්තය තුළ රට තුළ සිදුවන උද්ඝෝෂණ පෙළපාලි හා ගැටුම්කාරී තත්ත්වයන් සමඟ යළිත් ආර්ථික බිඳ වැටීමේ ඉරණමකට මුහුණ දිය හැකිය.
විදේශ විනිමය ඌණතාවය නිසා ඉන්ධන ගෑස් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ආනයනයන් පවා සිදුකර ගැනීමට නොහැකිව රටේ ජනතාව මුහුණ දුන් දුෂ්කරතාවයන් කිසිවෙකුටත් අමතක නැත.
එම නිසාම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවවාදාත්මක ලිපිය පිළිබඳ දැඩි අවධානය යොමු කර නීතිය හා සාමය සුරැකීම සඳහා උපරිමයෙන් කටයුතු කරන ලෙසත් නීතිගරුක පුරවැසියන් සාමාජිකත්වය දරන ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව දේශප්‍රේමී ජන බලවේගය සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *