මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 4522916 ලබාගනිමින් ජයග්‍රහණය කරන බවත්, එය ප්‍රතිශතයක් වශයෙන් 34.49%ක් බවත් ස්වාදීන සමීක්ෂනයකින් අණාවරණය වෙයි. එසේම රනිල් වික්‍රමසිංහ මහතා වැඩිම දිස්ත්‍රික්ක ගණනක ජයග්‍රහණය අත්කරගන්නා බව ද එමගින් පෙන්වා දී ඇත.
රාජ්‍ය විශ්ව විද්‍යාල හා පෞද්ගලික විශ්වවිද්‍යාල ශීෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් සිදුකර ඇති මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල එළිදැක්වීම මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා විසින් (2024.09.17) කොළඹදී සිදුකෙරිණි.
එම සමික්ෂණයට අනුව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 3602547ක් ලබන අතර එය ප්‍රතිශතයක් ලෙස 27.48% ක් බව සඳහන් වෙයි. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 3627686ක් ලබන අතර එය ප්‍රතිශතයක් ලෙස 27.67 %ක් බව අනුමාන කර තිබේ.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික්ක 14ක වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කරනු ඇත. ඒ අතර කොළඹ, ගම්පහ, ගාල්ල මාතර, බදුල්ල, මහනුවර, නුවරඑළිය, රත්නපුරය, පොළොන්නරුව, අනුරාධපුරය, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ දිගා මඩුල්ල දිස්ත්‍රික්ක වෙයි.
සජිත් ප්‍රේමදාස මැතිතුමා දිස්ත්‍රික්ක හතරක් ජයග්‍රහණය කරන බවට අනුමාන කරන අතර ඒ් මාතලේ, පුත්තලම, කෑගල්ල සහ වන්නි දිස්ත්‍රික්කයි. අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික්ක 4ක් ජයග්‍රහණය කරන බවට උපකල්පනය කර ඇති අතර ඒ කළුතර, හම්බන්තොට, මොණරාගල, කුරුණෑගල දිස්ත්‍රික්කයි.
මැතිවරණ දිස්ත්‍රික්ක 22 හි ආසන 160ම ආවරණය වන ආකාරයෙන් 33280 නියැදියක් යොදාගනිමින් සිදුකළ මෙම සමීක්ෂණය අන්තර්ජාලයඔස්සේ ( ගූගල් ෆෝම් එකක් ආධාරයෙන්) ඡන්දදායකයින්ගේ මතය විමසා ඇත.
සැප්තැම්බර් 7 වැනිදා දක්වා මාසයක් පුරා කරන ලද සමීක්ෂණයේ ප්‍රතිඵලය අනුව 4.5% ක ප්‍රමාණයක් නිශ්ශබ්ද ඡන්දදායකයින් වශයෙන් හඳුනා ගෙන තිබේ.
මෙම අවස්ථාවට ජාතික නීතිඥ සංගමය නියෝජනය කරමින් නලීන් පතිරණ, නීතීඥ සුරංග පෙරේරා, කළමණාකරණ උපදේශක මහින්ද පෙරේරා සහභාාගි වූහ.