2025 නව පාසල් වාරයට පෙර පාසල් නිල ඇඳුම් සිසුන් අතට. නොමිලේ චීනයෙන් හිමිවීම මඟින් රටට රුපියල් මිලියන 7,000ක ඉතිරියක්

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් චීන තානාපතිතුමන් සහ චීන රජයේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිළුලයකට අනුව එම රජය විසින් ප්‍රදානයක් ලෙස 2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ල ම ඇසුරුම් කර ලබා දීමට නියමිත ය.

ඒ අනුව,
නොවැම්බර් මස 13වන දින එහි පළමු තොගය ද,
නොවැම්බර් මස 21වන දින එහි දෙවන තොගය ද,
දෙසැම්බර් මස 20වන දින එහි තෙවන තොගය ද,
ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව මේ වන විටත් චීන රජය විසින් තහවුරු කර ඇත.

මෙම නිල ඇඳුම් 100%ක් නොමිලේ හිමිවීම මඟින් රජයට ඉතිරි වන මුදල රුපියල් මිලියන 7,000කි.

එමෙන් ම නිල ඇඳුම් තොගය 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20වන දිනට පෙර බෙදාහැරීමට නියමිත ය. මෙම ප්‍රදානය ලබා දීම පිළිබඳව චීන රජයටත් චීන තානාපතිතුමන්ටත් සිය ස්තූතිය පුද කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා සඳහන් කර සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *