• කඳුකර වතු ප්‍රදේශවල ඡන්ද ලක්ෂයක වැඩි පරතරයකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජයග්‍රහණය කිරීම නියතයි…
• කිසිදු අභියෝගයක් ඉදිරියට ගෙන ගොස් අත්හදා බැලීමකට ජනතාව සූදානම් නැහැ…
• දෙමළ කතා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශ වල සිංහල දෙමළ ජනතාව එක්ව රනිල් වික්‍රමසිංහ මහතා දිනවනවා…
• ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැප වෙනවා…
– නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තෝණ්ඩමන් මහතා
දෙමළ කතා කරන ජනතාව ජීවත් වන කඳුකර වතු ප්‍රදේශවල ඡන්ද ලක්ෂයක වැඩි පරතරයකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජයග්‍රහණය කිරීම නියත බව නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තෝණ්ඩමන් මහතා පවසයි.
මෙවර ජනාධිපතිවරණදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නියත වශයෙන්ම නැගෙනහිර පමණක් නොව, කඳුකර වතු ප්‍රදේශවල ජයග්‍රහණයද අත් කරගන්නා බව අද (18) කොළඹ, පැවති “පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට ඒක්වෙමින් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තෝණ්ඩමන් මහතා පෙන්වා දුන්නේය.
මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපතිවරයා කෙරෙහි ජනතා විශ්වාසය ඉහලින් පවතින බව පෙනීයන අතර ජනතාව නැවතත් දුක් විඳිමට සූදානම් නොමැති බව ඒයින් පැහැදිලි වන බවත් ඒ් මහතා සඳහන් කළේය.
අද ආර්ථිකය ක්‍රමයෙන් දියුණු වන බව කඳුකර වතු ජනතාව හොඳින් වටහාගෙන තිබේ. සැප්තැම්බර් 22 වැනිදායින් පසුව නැවත පෝලිම්වල සිටීමට සිදු නොවන තීරණයක් ගැනීම අත්‍යාවශ්‍ය බවද ජනතාව අවබෝධ කරගෙන ඇත.
සැප්තැම්බර් 22 වත්මන් ජනාධිපතිවරයා වෙනුවට වෙනත් අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවීමට ඔවුන් සූදානම් නැත. සම්පූර්ණ සංවර්ධනයක් ළඟා කර ගැනීමට බාධාවක් හෝ වෙනසක් සිදුවුව හොත් එහි බලපෑම සහ ආර්ථික බර පැටවෙන්නේ ජනතාව මතයි.
කිසිදු අභියෝගයක් ඉදිරියට ගෙන ගොස් අත්හදා බැලීමකට ජනතාව සූදානම් නැත. පසුගිය ජනාධිපතිවරණ වලදී ජයග්‍රාහී අපේක්ෂකයින් ගනුලැබූ ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් දෙමළ කතා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශ වල සිංහල දෙමළ ජනතාව එක්ව රනිල් වික්‍රමසිංහ මහතා දිනවන බවත් ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැප වන බවත් සෙන්දිල් තොණ්ඩමන් මහතා මෙහිදී අවධාරණය කළේය.
