22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කමිදු මෙන්ඩිස් ලෝක වාර්තාවක් සම කරයි

ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග හතේදීම ලකුණු 50 සීමාව පසු කළ ලොව දෙවැනි ක්‍රීඩකයා බවට පත් වෙමින් ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු කමිදු මෙන්ඩිස් අද ලෝක වාර්තාවක් සම කිරීමට සමත් විය.

ඔහු එම ලෝක වාර්තාව සම කරනු ලැබුවේ නවසීලන්තය සමග අද ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් සම්පූර්ණ කරමින්ය.

මීට පෙර ටෙස්ට් ඉතිහාසයේ දී එලෙස තමන් ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග හතේදී ම ලකුණු 50 ට වැඩියෙන් වාර්තා කර තිබුණේ පාකිස්තානයේ සවුද් ශකීල් පමණි.

කමිදු මේ දක්වා ටෙස්ට් පිටියේ දී ශතක 3 ක් හා අර්ධ ශතක 5 ක් වාර්තා කිරීමට සමත්ව සිටි.

කමිදු මෙතෙක් දක්වා ඇති දක්ෂතා –

ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 61 ක්
බංග්ලාදේශයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 102 ක්
බංග්ලාදේශ්‍යට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 164 ක්
බංග්ලාදේශයට එරෙහිව පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 92 ක්
බංග්ලාදේශයට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 9ක්
එංගලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 12 ක්
එංගලන්තයට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 113 ක්
එංගලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 74 ක්
එංගලන්තයට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 4ක්
එංගලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 64 ක්
නවසීලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී අර්ධ ශතකයක්.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz