22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කෝප් – කෝපා කමිටු අහෝසි

පාර්ලිමේන්තුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ කෝප්,කෝපා ඇතුළු කමිටු අසූවකට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ 24 අහෝසි වී ගොස් තිබේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හැරියද අහෝසිවී නොයන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන කතානායක ,විපක්ෂ නායක , සෙසු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීන්ට එහි සාමාජික තනතුරට පමණක් සීමාවෙමින් මීළඟ සභාව පිහිටුවන තෙක් ඒ තනතුරුවල කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩ ප්‍රස්ථාව සැලසේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මෙතෙක් කටයුතු කරනු ලැබුවේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාය.

එම සභාවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පෙරේදා (24) සිට පත් කර තිබේ. තවද පාර්ලිමේන්තුවේ නීති බවට පත්ව නොතිබූ පනත් රෙගුලාසි සහ යෝජනා සියල්ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසිවී යන බව සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ කතානායක ධූරය, නියෝජ්‍ය කතානායක ධුරය,නියෝජ්‍ය කාරක සභා සභාපති ධූරය, සභා නායක ධූරය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය යන ධූරයන්ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී තිබේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz