22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පොත් ප්‍රදර්ශනයට පැමිණි ජනපති අනුර කුමාර දිසානායක මහතා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණි අතර එහිදී ඔහුට හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි.

දෙස් විදෙස් පොත් සහිත වෙළෙඳ කුටි 400 කින් පමණ සමන්විත ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 25 වන වරටය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත මෙහිදී ජනාධිපතිවරයාට පිළිගැන්වීය.

ලබන මස 6 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වේ.

මේ පිළිබදව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය මුහුණු පොතේ තැබූ සටහනයි මේ.

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ සඳහා අද (28) පෙරවරුවේ සහභාගි වීමි.

මෙහිදී දෙස් විදෙස් පොත් ඇතුලත් කුටි කිහිපයක් නිරීක්ෂණය කිරීමට එක්වූ අතර පැමිණ සිටි ජනතාව සමඟ ද කෙටි පිළිසදරක නිරත වීමි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත ද මෙහිදී මා වෙත පිළිගන්වනු ලැබීය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz