22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සුදත් රෝහණගෙන් කෘති පෙළක්

ප්‍රවිණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිර්මාණවේදී සුදත් රෝහණ විසින් කලකට පෙර ටෙලි නාට්‍ය ලෙසින් රූපවාහිනියට රචනා කළ හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් රචිත මුදියන්සේ මාමා, සිසිලියාට පාඩමක්, උපාසකම්මා සහ මව යන විකුම්සිහ කතන්දර සිව් කෙටි කතා පෙළ, රූපවාහිනී තිර රචනා ග්‍රන්ථයන් ලෙස සිංහල සාහිත්‍ය වංශයට එක් කරලීම 25 වැනි බදාදා දින ප,ව.03.00 කොළඹ 07 පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී  පැවැත්විණ.

මෙහි ඇති සුවිශේෂත්වය වනුයේ ක්ෂණික ප්‍රතිචාර කේත සබැඳීය සහිත ප්‍රථම කෘතීන් පෙළ මෙය වීමයි.තිර රචනා කෘතියෙහි එන ක්ෂණික ප්‍රතිචාර සහිත කේත සබැඳීය පරිලෝකනය කිරීමෙන් (scanning the QR cord) ඒ ඒ තිර රචනා මතින් නිර්මිත ටෙලි නාට්‍ය රසවිඳීමට හැකි වන අතර එය ශ්‍රී ලාංකේය පාඨක රසිකයාට පෙර නොවු විරු වින්දන අත්දැකීමක් මෙන්ම ලෝවාසී පාඨක ජනකැලට ආගන්තුක අත්දැකීමක් වනු ඇත.සාහිත්‍ය කෘතියක් තිරරචනයට නැංවෙන අන්දමද එය කෙමෙන් සිනමා කෘතියක් ලෙසට රූපාන්තරණය වන අන්දමද මෙම කෘතීන් පෙළ මගින් මනා ලෙස විචිත්‍රවත් කර ඇත.මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය මගින් නිර්මිත මෙම කෘතීන් පෙළ සරස ප්‍රකාශනයක් ලෙස ජනගත කරන ලදි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz