22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මහමැතිවරණයට හැකි තරම් අලුත් මුහුණු ඉදිරිපත් කරන්න

ඉදිරි පාර්ලිමේන්තු මහමැතිවරණයට තරග කරන ආකාරය ගැන සාකච්ඡා කරමින් එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සහ තවත් විශේෂ රැස්වීම් කිහිපයක් හිටපු ජනාධිපති, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (01) පැවැත්විණි. මෙහිදී පසුගිය ජනාධිපතිවරණයේදී සහාය දුන් විවිධ දේශපාලන පක්ෂ, සන්ධාන හා සිවිල් සමාජ සංවිධාන ඇතුළු පාර්ශ්වයන්හි සහයෝගය මහමැතිවරණය සඳහා ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා වී ඇත.

හැකිතාක් තරුණ, අලුත් මුහුණු අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වෙත උපදෙස් දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙන්ම පක්ෂයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවිය යුතු ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති අතර, මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායකයින්, ආසන සංවිධායකවරු, කළමනාකාරවරු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු සහභාගි වී සිටියහ.

නෙත්මි පූජනී රත්නායක

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz