22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ දෙවැනි වරටත් -අයදුම්පත් භාර ගැනීම ඔක්තෝම්බර් 30 දා දක්වා

විශිෂ්ට ජනමාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා ජනමාධ්‍යවේදීන් සිදු කරනු ලබන මෙහෙවර ඇගැයීම සහ ඔවුන් දිරිගැන්වීම වෙනුවෙන් ‘ජනාධිපති මාධ්‍ය සම්මාන 2024’ උලෙළ දෙවැනි වරටත් පැවැත්වීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී. පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී, වෙබ් අඩවි, මාධ්‍ය පර්යේෂණ සහ පාසල් මාධ්‍ය යන ක්ෂේත්‍රයන් සඳහා සම්මාන 50ක් ද මාධ්‍ය ක්ෂේත්‍රය උදෙසා සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණයන් 04 දෙනකුට පිදෙන යාවජීව සම්මානය සහිතව මුළු සම්මාන 54ක් 2023 වසරේ නිර්මාණ අගයමින් පිරිනැමීමට සැලසුම් කර ඇත.

2023.01.01 වැනි දින සිට 2023.12.31 වැනි දින දක්වා පළ වූ, විකාශනය කරන ලද නිර්මාණ පමණක් සලකා බලනු ලබන අතර සම්මාන සඳහා ඉදිරිපත් කරනු ලබන නිර්මාණ ස්වතන්ත්‍ර ඒවා විය යුතුය. හැකිතාක් ආයතන ප්‍රධානීන් මඟින් අයදුම්පත් එවීමට කටයුතු කළ යුතු අතර, ස්වාධීනව තමාම සහතික කර වුව ද අයදුම්පත් යොමු කළ හැකිය.

අමාත්‍යාංශය මඟින් පත් කරන ලද වෘත්තීය සහ විෂයානුගත ප්‍රවීණත්වයෙන් යුත් අනු කමිටු මඟින් සම්මාන සඳහා නිර්දේශ කරන නිර්මාණ ප්‍රධාන කමිටුව මඟින් තෝරා ගන්නා අතර, එම තීරණය අවසන් තීරණය වේ. මේ සඳහා 2024.10.08 වැනි දින සිට 2024.10.30 වැනි දින දක්වා නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර, වැඩි විස්තර සහ අයදුම්පත්‍රය www.media.gov.lk වෙබ් අඩවියෙන් හෝ අමාත්‍යාංශයට පැමිණ ලබාගත හැකිය.

අදාළ නිර්මාණ අතිරේක ලේකම් (සංවර්ධන, සැලසුම් හා තොරතුරු), බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනයට එවිය යුතු අතර, නිර්මාණ බහා එවන ලිපි කවරයේ වම් පස ඉහළ කෙළවරේ නිර්මාණය අදාළ වන ක්ෂේත්‍රය සහ තරග අංශය පැහැදිලිව සඳහන් කළ යුතුය.

වැඩිදුර විස්තර 011-2513737, 011-2513459 දුරකතනය ඔස්සේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අංශය ඇමතීමෙන් ලබාගත හැකිය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz