22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ණය ගෙවන්න ආර්ථික-දේශපාලන ස්ථාවරත්වයක් තිබිය යුතුයි

2028 වසරේ ණය ගෙවන්න නම් රටේ ආර්ථික, දේශපාලන ස්ථාවරත්වයක් තිබිය යුතු යැයි සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා මොරටුවේදී පැවති සමගි ජන බලවේග ක්‍රියාකාරීන්ගේ හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“වසර 2028 ණය ගෙවන්න නම් අපේ රටේ ආර්ථිකය ශීඝ්‍ර ලෙස වර්ධනය විය යුතුයි. ඒ සඳහා ඍජු විදේශ ආයෝජන ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා රටේ ආර්ථික ස්ථාවරත්වය සහ දේශපාලන ස්ථාවරත්වය රැක ගත යුතුයි. නව ආයෝජන සඳහා පවතින වැරදි නීතිරීති රෙගුලාසි ඉවත් කර දූෂණය, වංචාව සහ හොරකම පිටුදකින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. මානව ප්‍රාග්ධන සංවර්ධන වැඩපිළිවෙළක් දක්ෂ ශ්‍රම බළකායක් ඇති කළ යුතුයි.

අපේ රට ගොඩනඟන ගමනට මුල පිරිය යුතුයි. ඒ සඳහා මහමැතිවරණයට ඉදිරිපත් වුණා. අපේ රටේ ණයවලින් කොටසක් ගෙවීමේ වැඩපිළිවෙළ 2028 ආරම්භ වෙනවා. ආර්ථික වර්ධන වේගය ඉබි ගමනින් යන මොහොතක වසර 4ක් තුළ ණය ගෙවීමට සිදු වෙනවා. එය හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගත් ගිවිසුමක්.

එනිසා ඍජු විදේශ ආයෝජන රටවලට ඇති හිතවත්කම් මත සිදු වෙනවා. ඔවුන් පැමිණෙන්නේ වැඩිම ප්‍රතිලාභ ඇත්නම් නිසා වියට්නාමය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් තෝරා නොගෙන අප රට තෝරා ගැනීමට අවශ්‍ය පදනම සකස් කළ යුතුයි.”

Copied

https://www.dinamina.lk/2024/10/11/politics/131115/%e0%b6%ab%e0%b6%ba-%e0%b6%9c%e0%b7%99%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1/

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz