22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශානි යළි පොලිස් සේවයට කැඳවයි

ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිමත් නිලධාරියෙක් වූ විශ්‍රාමික පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා වසරක කොන්ත්‍රාත් සේවා කාලයක් සඳහා ශ්‍රී ලංකා පොලිසියට බඳවාගෙන තිබේ.

ජාතික පොලිස් කොමිසම ඊයේ(10) රැස්වීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර ඇති බව පොලිස් කොමිසම අනාවරණය කෙළේය.

ශානි අබේසේකර මහතා කොන්ත්‍රාත් සේවා පදනම මත වසරක සේවා කාලයක් සඳහා බඳවාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ද තහවුරු කෙළේය. CID අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ ශානි අබේසේකර මහතා කොන්ත්‍රාත් සේවා පදනම මත බඳවා ගත්ත ද ඔහුට පැවරෙන රාජකාරි ස්ථානය ගැන මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බව ද නිහාල් තල්දූව මහතා කීය.

පසුගිය කාලයේ ආන්දෝළනයට තුඩු දුන්, අතරමඟ නැවතී ඇති විමර්ශන ශානි අබේසේකර මහතාගේ මූලිකත්වයෙන් නැවත ආරම්භ කෙරෙනු ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කෙළේය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz