22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය සිනමා අර්බුදයට අදාල යෝජනාවලිය ජනපති ට සහ විෂය භාර ඇමති ට භාර දෙයි….

කලක පටන් දේශීය සිනමා කර්මාන්තය වෙළාගෙන ඇති ප්‍රධානතම අර්බුද පිළිබඳව සකසන ලද ලිපිගොනුවක් ගරු විෂයභාර අමාත්‍ය විජිත හේරත් මැතිතුමාහට දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ සාමාජිකත්වය විසින් ඊයේ ( 2024/10/29 ) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පිලිගන්වන ලදී, එකී ලිපිගොනුවම ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනාධිපති ලේකම්, අමාත්‍යංශ ලේකම්, විෂයභාර අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ජා.චි. ස. සභාපති සහ ජ. චි. ස. සාමාන්‍යාධිකාරි යන පිරිස වෙතද එදිනම යොමුකරන ලදී,

මෙම අවස්ථාව සදහා දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ ලේකම් මොහාන් හෙට්ටිආරච්චි, කැදවුම්කරු එරංග සේනාරත්න, භාණ්ඩාගාරික කීර්ති බණ්ඩාර, උප සභාපති සුගත් සමරකෝන්, මාධ්‍ය ලේකම් සමන් චන්ද්‍රරත්න, විධායක සභිකයන් වන කේ.ඩී. දයානන්ද, චන්ද්‍රිකා පෙරේරා, ශාන්ත ගුණවර්ධන සහ සුරේෂ් කුමාරසිංහ යන මහත්ම මහත්මියන් සහභාගි වන ලදි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz