හෂීම් ඔමාර් පදනමෙන් පාසල් සහ විශ්ව විද්‍යාලීය සිසුන් ට නොමිලේ ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීමේ සයවන වැඩ සටහන

හෂීම් ඔමාර් පදනම විසින් 2024 වසරේ දී ආරම්භ කරන ලද අධ්‍යාපනික සහ තොරතුරු තාක්‍ෂණය පිළිබදව සිසුන් ගේ දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට සහය දීමේ අරමුණින් දිවයින පුරා විසිරී සිටින පාසල් සහ විශ්ව විද්‍යාලීය සිසුන් සදහා නොමිලේ ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීමේ වැඩ සටහන මාසිකව සංවිධානය කරන අතර එහි හයවන අදියර ඊයේ දින (03.11.2024) කොළඹ කොල්ලුපිටියේ හෂීම් ඔමාර් පදනමේ මූලස්ථානයේදී සිදු විය.
හෂීම් ඔමාර් පදනමේ නිර්මාතෘ, ස්වාධීන රූපවාහිනි සේවයේ හිටපු අධ්‍යක්‍ෂක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු උපදේශක හෂීම් ඔමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ. වීරකේසරී දමිල පුවත් පතේ ප්‍රධාන කතෘ ගජන් මහතා, වසන්තම් රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදක සිද්දික් හනිෆා මහතා, කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී ඒ.ආර්.එම්. ශෆාන් මහතා, හෂීම් ඔමාර් පදනමේ නිලධාරින් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවිය.

ලැප්ටොප් පරිගණක ලබා ගැනීම සඳහා අයදුම් කල අයදුම්කරුවන් අතරින් ජූරි සභාව විසින් ශිලාවතුර, මාතර, කල්මුණේ, ගොතටුව සහ මන්නාරම යන ප්‍රදේශවලින් තෝරාගත් සිසු දරු දැරියන් පස් දෙනෙකුට අනුශාසක හෂීම් ඔමාර් මහතා ප්‍රධානත්වයෙන් ලැප්ටොප් පරිගණක බෙදා දෙන ලදී.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී ඒ.ආර්.එම්. ශෆාන් මහතා හසීම් ඔමාර් පදනමේ නිර්මාතෘ හසීම් ඔමාර් මහතා පාසල් සහ විශ්ව විද්‍යාලීය සිසුන් සදහා නොමිලේ ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීමේ වැඩ සටහන ට අමතරව විදුලි බිල් පත් සහ ජල බිල් පත් ගෙවීමට නොහැකිව විසන්ධියට ලක් වූ දුප්පත් පවුල් රාශියක් සදහා එම බිල්පත් ගෙවා දමා ඔවුන්ගේ ජන ජීවිතය ගොඩ නැගීමට සද්භාවයෙන් උපකාර කල බවත්, දුප්පත් පවුල් සදහා වියළි ආහාර බෙදා දීම, කලාව සහ සාහිත්‍ය කටයුතු සදහා ද විවිධ ආකාරයෙන් උදව් කිරීම එතුමා පුරුද්දක් කර ගෙන සිටීම අප සැමගේ වාසනාවක් බවත්, එතුමාගේ මෙම සමාජ සත්කාර වැඩ පිළිවෙල අඛණ්ඩව පවත්වා ගෙන යාමට එතුමාට තව තවත් ධෛර්ය සහ ශක්තිය ලැබේවා යයි සදහන් කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *