ප්‍රීති අනෝමා සිරි­ව­ර්ධන යළි ළමා ආර­ක්ෂක අධි­කා­රි­යට

අධ්‍යක්ෂ ජන­රාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල්, අධ්‍යක්ෂ (පරි­පා­ලන හා මානව සම්පත්) සහ අධ්‍යක්ෂ (මූල්‍ය) වැනි ඉහළ කළ­ම­නා­කා­රිත්ව තන­තුරු පුර­ප්පා­ඩුව පව­තින ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රියේ කට­යුතු බාධා­ව­කින් තොරව පව­ත්වා­ගෙන යෑමට හැකි වන පරිදි අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් ලෙස සේවය කර විශ්‍රාම ගෙන ඇති ප්‍රීති අනෝමා සිරි­ව­ර්ධන මහ­ත්මිය මාස 6ක කාල­සී­මා­වක් සඳහා කොන්ත්‍රාත් පද­නම මත නැවත සේවයේ යෙද­වී­මට කාන්තා, ළමා හා තරුණ කට­යුතු සහ ක්‍රීඩා ඇමැ­ති­නිය ලෙස අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය ඉදි­රි­පත් කළ යෝජ­නා­වට අමාත්‍ය මණ්ඩ­ලයේ  අනු­මැ­තිය හිමිව තිබේ.