ඡන්ද අපේක්ෂකයින් 8888 අතරින් සක්‍රීයවම මැතිවරණට දායක වන්නේ දහකටත් අඩු පිරිසක්

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අපේක්ෂකයි න් 8888 දෙනෙකු තරග කරන අතර, එම පිරිස අතරින් ක්‍රියාකාරීව දේශපාලන ප්‍රචාරක කටයුතු සිදු කරන්නේ දහසකට අඩු ප්‍රමාණයක් බව පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කරන ලදී.
දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල අපේක්ෂකයන් ප්‍රමාණය අනුව ඡන්ද කාර්යාල ලක්ෂ හයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරීමට හැකියාව තිබුණද මේ වන විට එවැනි පක්ෂ කාර්යාල පවත්වාගෙන යනු ලබන්නේ 9992 දෙනෙක් පමණයි. තවද රාජ්‍ය බලය හා දේපළ අවභාවිතා කිරීම නොසලකා හැරිය යුතු මට්ටමක පවතින අතර ප්‍රචණ්ඩකාරී සිද්ධීන් විසිපහක් වාර්තා වී තිබුණද ඒවා එතරම් බරපතල ගණයේ ඒවා නොවන බවත්, මේ වන විට ජනතාව දේශපාලන පක්ෂවලට සහාය පළකරමින් වරප්‍රසාද ලබාගත නොහැකි බව තේරුම් ගනිමින් සිටින ආකාරයද දකින්නට ලැබීම සතුට කරුණක් බව රෝහණ හෙට්ටිආරච්චිමහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *