22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සහල් සහ වී තොග පිළිබඳ ව පාරිභෝගික කටයුතු අධිකාරි වාර්තාව ජනපති අතට

ඉකුත් සති කිහිපයේ මෙරට වෙළඳපොළේ සහල් මිල ගණන් ඉහළ ගිය අතර එමගින් සහල් හිඟයක් අලුතින් නිර්මාණය විය.
එම තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් කැඳවා සාකච්ඡාවක් පවත්වන ලදී.
එම සාකච්ඡාවේදී සිල්ලර වෙළඳපොලේ පැවති සහල් මිල පාලනය එලෙසම පවත්වාගෙන යාමට සහල් ව්‍යාපාරිකයන් එකඟ විය.
එම සාකච්ඡාවෙන් පසුව ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක් සිදු කිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබූ අතර එයට අදාළ වාර්තාව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වෙළඳ අමත්‍යාංශයේ ලේකම්වරයා බාර දී තිබූ අතර එම ලේඛනය ලේකම්වරයා විසින් ජනාධිපතිතුමා වෙත භාරදෙන ලදී.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz