ඡන්දයට නොවැම්බර් 13 සහ 14 දෙදින දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු

මෙම මස 14 වෙනි දින පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ 2024.11.04 දිනැති ලිපිය මගින් කරන ලද ඉල්ලීම මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නොවැම්බර් 13 සහ 14 දිනයන් දිවයිනේ සියලූම පාසල් වසා තැබෙන බවත්, 2024 නොවැම්බර් මස 18 වෙනි දින නැවත පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය නිවේදනය කරන අතර,
ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් නොම්බර් 12 වැනි දින පාසල් වේලාවෙන් පසුව අදාල ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතුය. ඡන්දය මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, ඩෙස්ක්, පුටු සහ ශාලා පහසුකම් ලබා දීමට සියලූම කලාපය අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සහ විදුහල්පතිවරු දැනුවත් කරනු ඇත.
එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා මේ සමග නාමලේඛන ඉදිරිපත් කර ඇති අදාළ පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාල කාල වකවානු තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *