22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජන්ද මධ්‍යස්ථානයේ දී ජන්ද පත්‍රිකාව නිකුත් කරන ජාතික හැඳුනුම්පත ඇතුඵ ලේඛණ 09 ක් ප්‍රකාශයට පත් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශය කිරීමට පැමිණීමේ දී ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන්ට ඉදිරිපත් කළ යුතු වලංගු අනන්‍යතා ලේඛන 09ක් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව යළි දැනුම් දී ඇති අතර එම වලංගු හැඳුනුම්පත් නොමැති නම් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා නොදෙන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි.

ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය හෝ රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත යන ලේඛනවලින් එකක් රැගෙන යාම අනිවාර්ය වන අතර මීට අමතරව වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය, පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය මෙන්ම කොමිෂන් සභාව නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත හෝ ආබාධිත තැනැත්තන් සඳහා නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත රැගෙන යාමෙන් ද ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන බව ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.

මෙම හැඳුනුම්පත් 09 අතරින් කවර හෝ එකක් ඉදිරිපත් නොකළහොත් ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්ද පත්‍රිකාවක් නිකුත් නොකරන බව ද මැතිවරණ කොමිෂන් සභාව යළි අවධාරණය කර සිටියි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz