22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මන්ත්‍රී වරප්‍රසාද කපා නැහැ, මන්ත්‍රී නිවාස ලබාගැනීම සඳහා අයදුම්පත් 35ක්

නවක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත්, මේ වනවිට මන්ත්‍රී නිවාස ලබාගැනීම සඳහා අයදුම්පත් 35ක් ලැබී ඇති බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නැවත භාරදුන් නිවාස 25ක් – 30ක් පමණ ප්‍රමාණයක් මේ වනවිට අලුත්වැඩියා කටයුතු සිදුකර මන්ත්‍රී ප්‍රමුඛතාවය අනුව එම නිවාස ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසයි.

පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40කට වඩා දුරකින් නිවස පිහිටා ඇති මන්ත්‍රීවරුන්ට ඒ සඳහා අයදුම්පත් යොමුකළ හැකි බවත් පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවේය.

108ක් වූ සම්පූර්ණ නිවාසවලින් 80ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාත් 28ක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාත් වෙන්කර තිබේ

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz