22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ගැටලු සම්බන්ධ සාකච්ඡාවකට වෘත්තීය සංගම් නියෝජිතයන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා මුණගැසේ

පාසල් සංවර්ධන නිලධාරීන් මෙන් ම උපාධිධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ මතු ව ඇති ගැටලුව සම්බන්ධයෙන් පාසල් සංවර්ධන නිලධාරී සංගම් කීපයක නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡාවක් පසුගිය දා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පවත්වන ලදි.
එහි දී සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට යටත් ව ක්‍රියා කළ යුතු බව දෙපාර්ශ්වයේ ම අදහස විය.
අදාළ විසඳුම් ක්‍රියාත්මක කරන තෙක් පාසල් සංවර්ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්යාල වෙත අනුයුක්ත කිරීම තාවකාලිකව අත්හිටුවීමට ද අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවට ලේකම්වරයා පැවසීය. ඉතා කඩිනමින් මෙම ගැටලුව විසඳීමට අදාල පාර්ශවයන් සමග සාකච්චා කර ඉදිරියේ දී කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ද වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි .

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz