22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කොකා-කෝලා ශ්‍රී ලංකාවට නැවතත් නත්තලේ අසිරිය රැගෙන එයි

මෙවර උත්සව සමයේ අසිරිය ලොව පුරා පතුරවමින් කොකා-කෝලා හි සුප්‍රසිද්ධ නත්තල් ට්‍රක් රථ සියැසින් දැක ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකිකයින්ට උදා වී ඇත. 1990 දශකය අගභාගයේදී නත්තල් නිවාඩු සමය වෙනුවෙන් නිර්මාණය වූ වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් හරහා පළමු වරට හඳුන්වා දෙමින් මෙම ජනප්‍රිය ට්‍රක්රථ ජනතාවගේ හදවතට සමීප විය. මෙම ට්‍රක් රථ රසික ජනතාවට සුවිශේෂී හා අමතක නොවන මතකයන් රැසක් ලබා දෙමින් රට පුරා ස්ථාන 16ක් වෙත ගමන් කිරීමට නියමිතය.

අඩි 40 ක දිගින් යුත් දීප්තිමත් විදුලි බුබුළු සහ නත්තල් නිවාඩු සැරසිලිවලින් අලංකාර කර ඇති මෙම කොකා-කෝලා හි සුප්‍රසිද්ධ නත්තල් ට්‍රක් රථ ශ්‍රී ලංකාවේ වීදි අලෝකමත් කරමින් සංචාරය කරනු ඇත. මෙම ට්‍රක් රථ ගමනාන්ත 16ක් පුරා සංචාරය කරන අතර ඒ සෑම ස්ථානයකදීම ජනතාවට කොකා-කෝලා හි මෙම සුවිශේෂී නත්තල් ට්‍රක් රථයේ ඡායාරූප සහ වීඩියෝ ගැනීමටත්, ට්‍රක් රථය තුළ විනෝද ක්‍රීඩාවල නිරත වෙමින් කොකා-කෝලා විශේෂ නත්තල් ත්‍යාග දිනා ගැනීමටත් සහ අමතක නොවන මතකයන් ග්‍රහණය කරගැනීමට එහි ඇති ඡායාරූප කුටිය වෙතින් එසැණින් ඡායාරූප ලබා ගැනීමටත් හැකිය.

උත්සව සමයේ සතුට සහ විනෝදය තව තවත් පතුරවාලීමට #CocaColaChristmas, #CocaCola සහ #RealMagic යන හෑෂ්ටැග් භාවිත කරමින් සමාජ මාධ්‍ය තුළ ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට කොකා-කෝලා සියලුදෙනාට ආරාධනා කර සිටී. දෙසැම්බර් 13 වැනිදා සිට දෙසැම්බර් 28 වනදා දක්වා කාලය තුළ මෙම ට්‍රක් රථ කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල, මීගමුව සහ කුරුණෑගල යන නගරවල ස්ථාන රැසක් හරහා ගමන් කිරීමට නියමිතය.

කොකා-කෝලා හි මෙම නත්තල් ට්‍රක් රථ හඳුන්වා දුන් දා සිට ඒවා ලොව පුරා කොතැන සංචාරය කළද සතුට සහ අතීත සැමරුම් හා අවස්ථාවන් සිහිගන්වන සුන්දර සංකේතයක් බවට පත්ව සිටී. මෙවර ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වන්නේ උත්සව සමයේ ප්‍රීතිමත් අත්දැකීම් සහ ජනතාව අතර බැඳීම් පෝෂණය කරමින් මෙම සම්ප්‍රදාය ඉදිරියට රැගෙන යාමයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz