ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් (ඇ. එ. ජ. ඩො.) මිලියන 230 ක ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ බලශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය සහ බලශක්ති ක්‍රියාකාරකම් ආධාරක පහසුකම
(සුළු වියදම් මුල්‍යනය පහසුකම) ක්‍රියාත්මක කිරීම.
බලශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය සහ බලශක්ති ක්‍රියාකාරකම් ආධාරක පහසුකම (සුළු වියදම් මූල්‍යනය පහසුකම) ක්‍රියාත්මක කිරීම සඳහා ඇ. එ. ජ. ඩොලර් මිලියන 230 ක වටිනාකමකින් යුතු ව්‍යාපෘති ණය පහසුකම් දෙකක් ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය‚ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කරන ලදී.
ඉහත සඳහන් කළ ණය පහසුකම් දෙකෙන් ආසියානු සංවර්ධන බැංකුවේ පොදු ප්‍රාග්ධන සම්පත් යටතේ ඇ. එ. ජ. ඩොලර් මිලියන 200 ක ණය මුදලක් බලශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය යටතේ බලශක්ති සැපයුම් කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සඳහා ලබා ගනු ලබන අතර‚ එමගින් ප්‍රධාන වශයෙන් පුනර්ජනනීය ඒකාබද්ධතාවයට පහසුකම් සැලසීම සඳහා දේශගුණයට ඔරොත්තු දෙන සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම සහ නවීකරණය කිරීම මෙන්ම වැඩිදියුණු කළ පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීම සහ ජාල කළමනාකරණ හැකියාවන් ඇතුළු බලශක්ති උපයෝගිතාවල ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරීම පිළිබදව අවධානය යොමු කරනු ලබයි.
තවද, සහනදායී පොදු ප්‍රාග්ධන සම්පත් යටතේ ඇ. එ. ජ. ඩොලර් මිලියන 15 බැගින් වූ වාරික දෙකකින් යුතුව ලබා ගනු ලබන ඇ. එ. ජ. ඩොලර් මිලියන 30 ක ණය මුදලේ පළමු වාරිකය මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සහ පසු ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ලබා ගැනීමට නියමිත අතර‚ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සම්පූර්ණ කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දෙවන වාරිකය පසුව ලබා ගැනීමට නියමිතය.
ඉහත සඳහන් ණය පහසුකම් සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් වෙන් වෙන්ව භාණ්ඩාගාර ඇපකර දෙකක් නිකුත් කරනු ඇත. ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි (පුද්ගලික) සමාගම‚ විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතියේ විධායක සහ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායත ලෙස ක්‍රියාකරනු ලබන අතර, බලශක්ති ක්‍රියාකාරකම් ආධාරක පහසුකමට (සුළු වියදම් මුල්‍යනය පහසුකම) අදාල විධායක සහ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියාකරනු ලබයි.
ඉහත සඳහන් ණය පහසුකම්වලට අදාළව ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර වෙන් වෙන් වශයෙන් ඇපකර ගිවිසුම් දෙකක් සදහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ද‚ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ‚ ටකාෆුමි කඩෝනො මහතා ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් ද‚ කොළඹ මහා භාණ්ඩාගාරයේදී 2024 දෙසැම්බර් මස 19 වැනි දින අත්සන් තබන ලද අතර එක් එක් ණය ගිවිසුම් සදහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි (පුද්ගලික) සමාගම ද ආසියානු සංවර්ධන බැංකුව සමඟ අත්සන් තබන ලදී.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය