22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබද වෘත්තිය සමිති දැනුම්වත් කර අදහස් ලබාගැනීම සිදුකරයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු වෘත්තීන් නියෝජනය කරන වෘත්තිය සමිති සමඟ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි. අධ්‍යාපන පරිපාලන, විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ සහ ගුරු සේවය යන සියලු ක්ෂේත්‍ර නියෝජන කරන වෘත්තිය සමිති නියෝජිතයෝ මේ සඳහා සහභාහි වූහ.

ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්න්ධයෙන් පැමිණ සිටින වෘත්තිය සමිති නියෝජිතයන්ට සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණු අතර ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අග්‍රාමාත්‍යවරියගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළ පිරිසක් සහභාගී වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz