22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිතයන් පිරිසක් කථානායක හමුවෙයි

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිතයන් පිරිසක් පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමුවිය.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms Séverine Chappaz), ශ්‍රී ලංකා ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සන්නිවේදන කළමණාකරු රුවන්ති ජයසුන්දර මෙනවිය, ජාත්‍යන්තර රතු කුරුස සහ රතු ක්‍රෙසන්ට් සමිති සම්මේලනයේ දකුණු ආසියානු නියෝජිත ප්‍රධානි ජෝන් එන්ට්විස්ල් මහතා (Mr John Entwistle) සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතා ඇතුළු පිරිසක් මෙම හමුව සදහා එක් වී සිටියහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ක්‍රියාකාරිත්වය සහ එමගින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා එහි දායකත්වය ලබා දිය හැකි ආකාරයන් පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වැඩමුළුවක් පැවැත්වීම පිළිබද සාකච්ඡා කිරීම හමුවේ මුලික අරමුණ විය.

ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාව ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන නව ප්‍රතිපත්ති සහ දසවන පාර්ලිමේන්තුව මගින් ළඟා කරගෙන ඇති නව දේශපාලන සංස්කෘතික ජයග්‍රහණ පිළිබඳවත් මෙහි දී දෙපාර්ශ්වයේ අවධානයට යොමු විය.

එසේම ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සමීප සහයෝගය ලබා දෙන ලෙසත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙම අවස්ථාවේ දී නියෝජිත කණ්ඩායමෙන් ඉල්ලා සිටියේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz