22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පළාත් පාලන ආයතන ජන්ද විමසීම – 2025 පරිපාලන දිස්ත්‍රික්කය – 01 කොළඹ – තැපැල් ජන්ද නිකුත් කිරිම

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 04 ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරිම ඊයේ (07) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණ. ඒ කොලොන්නාව, බොරලැස්ගමුව, සීතාවක පුර නගර සභා තුනක් සහ සීතාවක ප්‍රාදේශිය සභාව යන පළාත් පාලන ආයතන 04 සඳහාය.

ඒ අනුව කෙලොන්නාව නගර සභාව සඳහා ජන්ද පත්‍රිකා 268ක්ද, සීතාවක නගර සභාව සඳහා ජන්ද පත්‍රිකා 503ක්ද, බොරලැස්ගමුව නගර සභාව සඳහා ජන්ද පත්‍රිකා 647ක්ද, සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා ජන්ද පත්‍රිකා 3562ක් වශයෙන් ඊයේ (07) දින මෙම පළාත් පාලන ආයතන 04 සඳහා ජන්ද පත්‍රිකා 4980ක් නිකුත් කිරිම සිදුවිය.

ලබන මස 06 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කොළඹ දිස්ත්‍රික්කය තුළ පළාත් පාලන ආයතන 13 ක් සඳහා තැපැල් ජන්ද දායකයින් තිස් දහස් පන්සිය තිහක් (30,530) ලියාපදිංචි වී ඇත.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz