( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2025 මැයි මස 22 දින සඳහා කාලගුණ අනාවැකිය
නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇත.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
WEATHER FORECAST FOR 22 MAY 2025
South-West monsoon established over the island.
Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa, North-western and Central provinces and in Galle and Matara districts.
A few showers may occur in North-central province.
Showers or thundershowers may occur at a few places in Uva province and in Ampara district during the evening or night.
Fairly strong winds of about (30-40) kmph can be expected at times over Western slopes of the central hills and in Northern, North-central, North-western and Southern provinces and in Trincomalee district.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers
